


රේමන් අපෝන්සු මීගමුව
මීගමුවට සාන්ත ජෝසප් රෝහලේ නව පරිච්ඡේදයක් උදා කරමින් නවීන දැඩිසත්කාර ඒකක සංකීර්ණයට මුල් ගල් තැබීම එම රෝහල් පරිශ්‍රයේදී එම රෝහලේ සභාපති සුනිල් ඩී.සිල්වා මහතා අතින් ඊයේ (05) උත්සවාකාරයෙන් සිදුවිය.
සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද මධ්‍යයෙහි ආරම්භ වූ මෙම උත්සවය කාටත් වැදගත් අවස්ථාවක් විය. ඉදිකරන මෙම නව සංකීර්ණය ඉහළ මට්ටමේ ආරක්ෂාව සහ නිරවදතාව සහතිකිරිම සඳහා ජාත්‍යන්තර මට්ටමේ නවීන ශල්‍යාගාර තුනක් ඒකාබද්ධ කර ගොඩනැගෙන බව සභාපතිවරයා පැවසීය. අලුත උපන් බිළිඳුන් සහ වැඩිහිටි බරපතළ රෝගීන් සඳහා කැප වූ දැඩිසත්කාර ඒකක දරු ප්‍රසූතිය සඳහා ශල්‍යාගාරක් සහිත විශේෂිත නාරී වේද වෛද්‍ය කාමර සහ පෞද්ගලිකත්වය සහ සුවපහසුව සඳහා නිර්මාණය කර ඇති නව රෝගී කාමර 45 කට අධික සංඛ්‍යාවක්ද මෙයට ඇතුළත්වේ.
සායනික විශිෂ්ටත්වය සහ රෝගී අත්දැකීම් යන දෙකම සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරන ලද උසස් සෞඛ්‍ය සේවා සඳහා නැගී එන මධ්‍යස්ථානයක් ලෙස මෙම රෝහල් සංකීර්ණය හැඳින්විය හැකිය.මෙය විශේෂයෙන් මීගමුව ජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කරනු ලබන ලාබ දායි ස්ථානයක් වශයෙන් හැඳින්විය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd