භානුක අමරසිංහ
මෙරට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග් ඒජන්සි (LRA) විසින් කැපිටල් එලායන්ස් පීඑල්සී (CALT) වෙත ලබා දී තිබූ A ශ්‍රේණි ගත කිරීම ස්ථාවර පෙරදැක්මක් සහිතව A+ දක්වා ඉහළ නංවන බව ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම මගින් CALT සමාගමෙහි ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, බැංකු නොවන ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස ශක්තිමත් වෙළෙඳපොළ තත්වය සහ ලාභ ඉපැයීමේ තිරසාර වර්ධනය පිළිබිඹු කරන බව ලංකා රේටින්ග් ආයතනය පවසයි.
මෙලෙස කැපිටල් එලායන්ස් පීඑල්සී සඳහා ඉහළ නැංවුණු A+ ශ්‍රේණිගත කිරීමට අදාළ සහතිකය ලංකා රේටින්ග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙනත් ඩි සිල්වා මහතා විසින් කැපිටල් එලායන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනුර සිල්වා මහතා වෙත පිරිනැමීම සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd