
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන “National Export Roadmap: The CEO Forum” උපායමාර්ගික සංසදය පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල (EDB) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවැත්වී තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංසදය සඳහා මෙරට පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබේ.
ඒ අනුව මෙහිදී 2025 වසරේ අපනයන ප්‍රගතිය සමාලෝචනය කරමින් 2026 සහ ඉන් ඉදිරියට වූ උපායමාර්ගික ඉලක්ක පිළිබඳව පොදු එකඟතාවකට එළඹුණු බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා රජය “ප්‍රධාන ආයෝජකයා” ලෙස කටයුතු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පූර්ණ කැපවීමෙන් සිටින බව පවසා තිබේ. විශේෂයෙන්ම කාර්මික කලාප නවීකරණය, බලශක්ති සැපයුම විධිමත් කිරීම සහ තාක්ෂණික පහසුකම් සැපයීම හරහා ව්‍යවසායකයන්ට වඩාත් හිතකර ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බව ඔහු පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd