
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහාම ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රයේ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්‍රමය හරහා ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරයි.
‘Adventure Plus’ යනු කඳු නැගීම, බයිසිකල් පැදීම, ජල ක්‍රීඩා සහ වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරකම් වැනි ඉහළ අවදානමක් සහිත විනෝදාංශ සඳහා වෛද්‍ය ආවරණය, අනතුරු ආරක්ෂණය සහ හදිසි අවස්ථාවකදී මුදාගැනීමේ පහසුකම් සලසා දෙනු ලබන, නවීනත්වය මුසු වූ පුරෝගාමී රක්ෂණ ක්‍රමයකි. සංචාරකයන් සතුව දැනට පවතින රක්ෂණ ආවරණය කුමක් වූවද, එම රක්ෂණ හරහා ලබාගත නොහැකි ආකාරයේ ආරක්ෂාවක් ඔවුන්ට මෙම නව රක්ෂණාවරණය මගින් හිමිවේ. සංචාරකයකු සතුව දැනට පවතින රක්ෂණ ආවරණයේ වෙනසක් නොකර, එම සාමන්‍ය රක්ෂණය මගින් ආවරණය නොවන දේ ‘Adventure Plus’ හරහා ආවරණය වීම මෙහි ඇති විශේෂත්වයයි.
ලංකාවේ සංචාරක කර්මාන්තය විවිධත්වයෙන් වැඩි දියුණු වී ඇති අතර, වෙරළබඩ මුහුදු තීරය, වනජීවීන් හා රක්ෂිත සහ ත්‍රාසජනක සංචාරක ප්‍රදේශ වෙත සංචාරකයන් ආකර්ෂණය වී තිබේ. මෙම රක්ෂණ ආවරණය මගින් සංචාරක මෙහෙයවන්නන්ට, නියෝජිතයන්ට සහ සංචාරකයන්ට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පහසු වූ සෘජු ක්‍රමවේදයක් සලසා දෙනු ලබයි.
ජාතියේ රක්ෂණකරු ලෙසSLICGL , ජාතික ප්‍රමුඛතා සපුරාලමින්, ප්‍රජාව සුරක්ෂිත කරමින් සහ ලංකාවේ සංවර්ධනයට දායක වෙමින්, නව රක්ෂණ විසඳුම් හඳුන්වාදීමට අඛණ්ඩව කටයුතු කරයි. Adventure Plus හරහා එය මනාව පිළිඹිබු වන අතර, ඕනෑම අවස්ථාවක තමන් සුරක්ෂිත බව දන්නා සංචාරකයන්ට, කිසිදු බියකින් තොරව, ත්‍රාසය දනවන අත්දැකීම් විඳගැනීමට මෙම රක්ෂණ ආවරණය අවකාශය සලසා දේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග සහයෝගීතාව ඇතිව වැඩි දියුණු කරන ලද මෙම රක්ෂණ විසඳුමෙන් විශ්වාසදායක, සාධාරණ සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහිත සංචාර සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ලංකාව ඉස්මතු කරයි.
පුද්ගලයකුට දින 30ක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 8ක් වැනි මුදලකටAdventure Plu රක්ෂණ ආවරණය ලබාගත හැකිය. අවදානම් සහිත ක්‍රියාකාරකම් සඳහා සුරක්ෂිතභාවය සලසන මෙම රක්ෂණ විසඳුම හරහා සංචාරකයන්ට ලංකාවේ විවිධ වූ භූ විෂමතා සහිත ප්‍රදේශ විශ්වාසයෙන් යුතුව නැරඹීමේ හැකියාව ලබා දෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගුවන්තොටුපොළේ පිහිටි සිය තොරතුරු සේවා කවුළු හරහා සංචාරකයන්ට මෙම රක්ෂණ විසඳුම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර, ඒ මගින් ඔවුන් මෙරටට පැමිණි මොහොතේ සිටම මේ පිළිබඳව දැනුම්වත් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය සමීර ධර්මසේන මහතා මෙසේ පැවසීය. ‘‘කඳුකරයේ සිට මුහුදු වෙරළ තීරය දක්වා, වනාන්තරවල සිට මුහුදු රළ මත ලිස්සා යාම දක්වා, ලංකාව අසමසම අත්දැකීම් ලබා දෙනවා. යම් විදියකින් හදිසි අනතුරක් සිදු වුවහොත්, තමන් සුරක්ෂිත බවට වන විශ්වාසය සමග සංචාරකයන්ට මේ සියල්ල නැරඹීමේ අවස්ථාව ලබා දීමට අපට අවශ්‍යයි. අපගේ තේමාව වන්නේ ‘සතුට ඔබ සතුයි; ආරක්ෂාව අප සතුයි’ යන්නයි. ජාතියේ රක්ෂණකරු ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනයට සහය ලබා දීම අපගේ වගකීමක් වන අතර, Adventure Plu යනු එම කැපවීම බලගැන්වූ සහතිකයි.”
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, බුද්ධික හේවාවසම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ලොව හොඳම ත්‍රාසජනක අත්දැකීම් සහිත සංචාරක ගමනාන්ත සඳහා අවශ්‍ය කරන ස්වාභාවික පරිසරයන්, සංස්කෘතික වටපිටාවන් ලංකාව සතුව පවතිනවා. අපට අවශ්‍යව තිබුණේ ඊට සරිලන යටිතල පහසුකම් නිර්මාණය කර ගැනීම පමණයි. Adventure Plu යනු, ලංකාව වගකීමක් සහිතව, සංචාරකයන් සඳහා හිතකර ගමනාන්තයක් ලෙස, මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැබෑ ආරක්ෂාවක් දැනෙන ස්ථානයක් බවට පත් කිරීමට තැබූ අර්ථවත් පියවරක්. SLICGL සමග ඇති කරගත් මෙම සහයෝගීතාව, රටේ සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා විශාල පිටුවහලක් වනු ඇත.’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd