Softlogic Stockbrokers (Pvt) Ltd  විසින් සංවිධානය කරන ලදInvestor Forum 2026 – NAVIGATE. GROW. SUCCEED.  වැඩසටහන 2026 පෙබරවාරි 23 දින කොළඹ Cinnamon Life Hotel හිදී සාර්ථකව පැවැත්විණි.  ලංකාවේ ආර්ථික දර්ශනය, කොටස් වෙළෙඳපොළ අවස්ථා සහ මධ්‍යකාලීන වර්ධන මඟපෙන්වීම් පිළිබඳ ගැඹුරු සංවාදයක් සඳහා කර්මාන්ත නායකයන්, ආර්ථික විශේෂඥයන් සහ ආයෝජකයන් රැස්වීම මෙම සමුළුවේ විශේෂත්වයක් විය.

වැඩසටහන ආරම්භ වූයේ Softlogic Stockbrokers (Pvt) Ltd හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැඩිගම විසින් සිදු කරන ලද පිළිගැනීමේ කතාවෙන් වන අතර, ඉදිරි දර්ශන සහ ගැඹුරු විශ්ලේෂණ සමඟින් පිරි සවසක් සඳහා මූලික පියවර ඔහු විසින් සකස් කරන ලදී.

මෙම සමුළුවේ ප්‍රධාන ආකර්ෂණය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන ආචාර්ය මාර්තා ටී. වොල්ඩෙමිචෙල්  (Dr. Martha T. Woldemichael)  විසින් සිදු කරන ලද ප්‍රධාන දේශනයයි. ඇය  ලංකාවේ ආර්ථික ගමන් මඟ, ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සංශෝධන සහ මධ්‍යකාලීන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ වටිනා අදහස් ඉදිරිපත් කළාය. “ශ්‍රී ලංකාවට ඉදිරියේ ඇති කාර්යභාරය වන්නේ ස්ථාවරත්වයෙන් පරිවර්තනය කරා ගමන් කිරීමයි” යනුවෙන් ඇය පෙන්වා දුන් අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩසටහන යටතේ ලැබී ඇති ආර්ථික ප්‍රතිසාධනය සාර්ථක වුවද, එය තවම අවසන් කථාවක් නොවන බවත්, දිගුකාලීන ජීවන මට්ටම් වැඩිදියුණු කිරීම සහ ආයෝජක විශ්වාසය ගොඩනැගීම සඳහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය මූල්‍ය විශ්වසනීයත්වය සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.

ස්වාධීන ආර්ථික විශේෂඥ තලාල් රාෆි විසින් සිදු කරන ලද දේශනය සාර්ව ආර්ථික සංවාදය තවදුරටත් ශක්තිමත් කළේය. ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශනය, දේශීය ආර්ථික අවදානම් සහ ඉදිරි වර්ධන අදියර හරහා රට ගමන් කළ හැකි ආකාරය පිළිබඳ අදහස් හුවමාරු කළේය.

මෙම වැඩසටහනේ තවත් වැදගත් අංගයක් වූයේSoftlogic Stockbrokers (Pvt) Ltd  හි උපායමාර්ගික සැලසුම් ප්‍රධානී  Raynal Wickremeratne  විසින් මධ්‍යස්ථානය කළ පැනල් සංවාදයයි. බැංකු, දේපළ වෙළෙඳාම්, රක්ෂණ, ඉදිකිරීම් සහ කෘෂිකර්ම/කුකුළු කර්මාන්ත නියෝජනය කරමින් ප්‍රමුඛ කථිකයන් රැසක් මෙයට එක්විය. එහිදී අරෝෂන් සේරසිංහ (සමූහ ප්‍රධාන විධායක නිලධාරී, CIC හෝල්ඩින්ග්ස් පීඑල්සී) , බිමල් පෙරේරා (ප්‍රධාන වර්ධන නිලධාරී, හැටන් නැෂනල් බැංකුව පීඑල්සී), ඉෆ්තිකා අහමඞ් (කළමනාකාර අධ්‍යක්ෂ, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී), මහේෂ් අමරසිරි (ප්‍රධාන මූල්‍ය නිලධාරී, AIC කේබල්ස් පීඑල්සී) සහ ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ (කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රයිම් ලෑන්ඞ්ස් රෙසිඩන්සීස් පීඑල්සී) යන මහත්වරු අදහස් දැක්වූහ.

මෙම සංවාදය තුළ විවිධ කර්මාන්තවල වර්ධන අවස්ථා අවධාරණය කෙරුණු අතර, 2026 වසරේ පෞද්ගලික අංශ ණය වර්ධනය දිගටම පවතිනු ඇති බවට බලාපොරොත්තු දැක්වුණි. දේපළ වෙළෙඳාම් අංශයේ, ඉදිරි කාලයේ නිවාස සහ මහල් නිවාස ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ඉල්ලු‍මක් ඇතිවනු ඇතැයි ප්‍රයිම් ලෑන්ඞ්ස් පෙන්වා දුන්නේය. ජනගහන ව්‍යුහයේ වෙනස්කම් රක්ෂණ කර්මාන්තයට මධ්‍ය හා දිගු කාලීනව නව ඉල්ලු‍මක් උදා කරනු ඇති බවත්, එය තිරසාර වර්ධන අවස්ථා නිර්මාණය කරන බවත් සඳහන් විය. කෘෂිකර්ම අංශයේදී, උසස් අස්වැන්නක් ලබාදෙන පොහොර සහ කාර්යක්ෂම කෘෂිකර්ම ක්‍රමවලට මාරුවීමත් සමග අපනයන අංශයේ වර්ධන අවස්ථා පිළිබඳව ද අවධාරණය කෙරිණි. ඉදිකිරීම් අංශයේදී, නැවත ආරම්භ වන නිවාස ඉදිකිරීම්, ධාරිතා විස්තාරණ සහ නවීන නවීකරණීය බලශක්ති ව්‍යාපෘති, කේබල් කර්මාන්තයට වර්ධන ප්‍රවණතා ලෙස හඳුනා ගන්නා ලදී.

අවසානයේ පැවැත් වූ ප්‍රශ්නෝත්තර සැසියෙන් සහභාගීවූවන්ට කථිකයන් සමග සෘජුව අදහස් හුවමාරු කරගැනීමට, වෙළෙඳපොළට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීමට සහ ආර්ථික හා ආයෝජන අදහස් පිළිබඳ ගැඹුරු පැහැදිලිවීමක් ලබාගැනීමට අවස්ථාව හිමිවිය.