සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමෙහි දීර්ඝ කාලීන රක්ෂණ හෙවත් ජීවිත රක්ෂණ සේවා ලියාපදිංචිය අත්හිටුවීම තවත් මාස දෙකකට දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 04 වැනිදා සිට මැයි 05 වැනිදා දක්වා මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බව සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මාසයේදී පළමුවරට මෙම අත්හිටුවීම බලාත්මක වූ අතර, එම කොමිෂන් සභාවේ අදාළ නියාමන කොන්දේසිවලට අනුකූල නොවන ආකාරයෙන් සමාගම කටයුතු කිරීම ඊට හේතුව විය. අවස්ථා කිහිපයකදී මෙම අත්හිටුවීම දීර්ඝ කෙරුණු අතර, අවසන් දීර්ඝ කිරීම පසුගිය මාර්තු 03 වැනිදා කල් පිරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd