- මහජන කොටස් හිමිකරුවන් 7,655 ක් වෙයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කාර්ගිල්ස් බැංකුවේ මහජන කොටස් හිමිකාරීත්වය පසුගිය පෙබරවාරි 19 වැනිදා වනවිට සියයට 10.70 කින් ඉහළ නැංවී ඇතැයි පවසයි.
මෙහිදී අදාළ දිනය වනවිට නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 49.84ක් ලෙස එම හිමිකාරීත්වය සටහන්ව තිබේ. 2025 දෙසැම්බර් 31 වැනිදා වනවිට එය 39.14ක් ලෙස සටහන් විය. එසේම මහජන කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 6,742 ක සිට 7,655ක් දක්වා අදාළ කාලසීමාව තුළදී 913 කින් ඉහළ ගොස් තිබේ.
කාර්ගිල්ස් බැංකුවේ ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සහ CT හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් අවස්ථා කිහිපයකදි සිය කොටස් වෙළෙඳපොළ හරහා අලෙවි කිරීමත් සමගින් මෙම මහජන කොටස් හිමිකාරීත්වය ඉහළ නැංවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd