- කොළඹ දිස්ත්‍රික්කය තුළ එම අගය රුපියල් 18,044 ක්
- 2019 වසරේදී මෙම අගය රුපියල් 6,966 යි
2026 වසරේ ජනවාරි මාසය වන විට මෙරට ජාතික දරිද්‍රතා රේඛාව රුපියල් 16,730ක් ලෙස සටහන්ව තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. ඒ අනුව මෙය 2025 වසරේ ජනවාරි මාසයේදී පැවැති ජාතික දරිද්‍රතා රේඛාවේ අගය වන රුපියල් 16,334 ක හා සැසඳීමේදී යම් ඉහළ යාමකි.
මෙම ජාතික දරිද්‍රතා රේඛාව මගින් යම් පුද්ගලයකු වෙත ආහාර සහ ආහාර නොවන මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන අවම මාසික වියදම පිළිබඳව නිරූපණය වෙයි. ඒ අනුව මෙය රටේ දරිද්‍රතාව මනිනු ලබන රේඛාවක් ලෙසින්ද සැලකෙයි.
රටෙහි සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සකස් කෙරෙන මෙම ජාතික දරිද්‍රතා රේඛාව යටතේ 2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරියේදී රුපියල් 380ත් - රුපියල් 430ත් අතර අගයකින් ඉහළ යාමක් සටහන්ව තිබේ. විශේෂයෙන්ම මූලික පරිභෝජන වියදම් ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ එක් මාසයක් තුළ එක් පුද්ගලයකු සඳහා මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන මුදල එනම් දරිද්‍රතා රේඛාව රුපියල් 18,044 ක් ලෙස සටහන්ව තිබේ. මීට අමතරව ගම්පහ, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද මෙම දරිද්‍රතා රේඛාව පිළිවෙළින් රුපියල් 17,951ක්, 17,562ක්, 17,593ක් ලෙස සටහන්ව ඇත. එසේම මොණරාගල දිස්ත්‍රික්කය මෙම දරිද්‍රතා රේඛාවේ පහළම අගය වන රුපියල් 15,997 ක් ලෙස සටහන්ව ඇත.
කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය ඇති වීමට පෙරාතුව එනම් 2019 වසරේදී මෙම ජාතික දරිද්‍රතා රේඛාව රුපියල් 6,966 ක් ලෙස සටහන්ව විය. ඒ අනුව වසර හතක් තුළදී මෙම ජාතික දරිද්‍රතා රේඛාව රුපියල් 10,000 කට ආසන්න අගයකින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd