ගෝලීය වෙළෙඳපොළට සෘ ප්‍රවේශයක්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙතින් ප්‍රතිරක්ෂණ තැරැව්කාර බලපත්‍රය (Reinsurance Broking License) හිමිකර ගනිමින් සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩේවිඩ් පීරිස් සමූහයේ මූල්‍ය ශක්තිය සහ ආයතනික විස්වසනීයත්වය මත පදනම්ව ලබාගත් මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාව තුළ පූර්ණ සේවා රක්ෂණ සහ අවදානම් කළමනාකරණ විසඳුම් සපයන්නකු ලෙස AIBL හි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
මෙම නව බලපත්‍රයත් සමග AIBL සමාගමට රක්ෂණ (Insurance) සහ ප්‍රතිරක්ෂණ (Reinsurance) යන ක්ෂේත්‍ර දෙකෙහිම කටයුතු කිරීමේ අවසරය හිමිවේ. මෙමගින් වර්තමානයේ පවතින සංකීර්ණ අවදානම් සහිත ව්‍යාපාරික පරිසරය තුළ, රක්ෂණ සමාගම් සහ ආයතනික සේවාලාභීන් වෙත වඩාත් පුළුල් වූ අවදානම් හුවමාරු විසඳුම් සැපයීමට සමාගමට ඇති හැකියාව වර්ධනය වේ.
ඩේවිඩ් පීරිස් සමූහයේ රක්ෂණ අංශය ලෙස ක්‍රියා කරන AIBL, දශක දෙකකට වැඩි කාලයක් මෙරට සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ තැරැව්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා සිටින අතර, එය දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගම් තුන අතරට ද ඇතුළත් වේ. රක්ෂණ තැරැව්කාර සේවා, ප්‍රතිරක්ෂණ සහ අවදානම් උපදේශන සේවා යන සියල්ල එකම වහලක් යටට ගෙන ඒම හරහා සිය සේවාලාභීන්ට වඩාත් සම්බන්ධීකරණය වූ සහ තාක්ෂණිකව දියුණු සේවාවක් ලබා දීමට සමාගම සූදානම්ය.
ප්‍රතිරක්ෂණ තැරැව්කාර ක්ෂේත්‍රයට පිවිසීම හරහා ‘ට්‍රීටි’ සහ ‘ෆැකල්ටේටිව්’ වැඩසටහන් ස්වාධීනව සැලසුම් කිරීමට සමාගමට අවස්ථාව ලැබේ. එමගින් දේශීය රක්ෂණකරුවන්ට සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර ප්‍රතිරක්ෂණ වෙළෙඳපොළට ප්‍රවේශ වීමට මග විවර වේ.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් AIBL හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන නිලධාරී නිහාල් හඳුන්ගේ මහතා මෙසේ පැවසීය. “මෙම බලපත්‍රය හරහා නියාමන අවශ්‍යතා නිසි ලෙස සපුරාලමින්, තාක්ෂණිකව ශක්තිමත් සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම විසඳුම් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. ප්‍රමුඛ පෙළේ ගෝලීය සහ කලාපීය ප්‍රතිරක්ෂණ සමාගම් සමඟ පවතින සබඳතා උපයෝගී කරගනිමින්, ඉහළ වටිනාකමකින් යුත් සහ සංකීර්ණ අවදානම් කළමනාකරණය කිරීමට අපගේ සේවාලාභීන්ට අවශ්‍ය විශ්වාසය සහ ස්ථාවරත්වය ලබා දීම අපගේ අරමුණයි.”
යටිතල පහසුකම් සංවර්ධනය, ඉංජිනේරු ශිල්පය, නාවික, නිෂ්පාදන සහ අනෙකුත් විශේෂිත ක්ෂේත්‍රවල රක්ෂණාවරණ සැපයීමේදී දේශීය ධාරිතාව සීමිත විය හැකි බැවින්, රක්ෂණ සමාගම් සහ මහා පරිමාණ සමාගම් සඳහා ප්‍රතිරක්ෂණය යනු තීරණාත්මක මූලෝපායික මෙවලමක් බව සමාගම අවධාරණය කරයි.
තම ව්‍යාප්ත වූ සේවා ජාලය හරහා සේවාලාභීන් ගෝලීය ප්‍රතිරක්ෂණ වෙළෙඳපොළ සමග සම්බන්ධ කිරීමටත්, උසස් තාක්ෂණික මගපෙන්වීම් සහ හිමිකම් සහාය ලබා දීමටත්, වඩාත් තරගකාරී මිල ගණන් යටතේ තිරසාර අවදානම් විසඳුම් ලබා දීමටත් AIBL සූදානමින් සිටී.
සම්ප්‍රදායික රක්ෂණ තැරැව්කාර සේවාවෙන් ඔබ්බට ගොස් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට සේවය කරන පුළුල් අවදානම් විසඳුම් සහකරුවකු බවට පත්වීමේ AIBL හි දැක්ම මෙම පියවරෙන් මැනවින් පිළිඹිබු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd