වසර 08ක කාලයකට ලබාදුන් මෙහි වටිනාකම රු. බි. 2.19 ක්
ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata XIIM පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීමේ ප්‍රසම්පාදනය වසර 08ක කාලයක් සඳහා Millennium I.T.E.S.P. (Private) Limited වෙත රුපියල් මිලියන 2,197.96ක (බදු රහිත) මුදලකට පිරිනැමීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ.
එකී ලංසු අතරින් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් එකම ලංසුකරුගේ මූල්‍යමය ලංසුව ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මෙලෙස Millennium I.T වෙත ප්‍රදානය කෙරී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd