නිමල කොඩිතුවක්කු
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධකා ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම, ද්වීපාර්ශ්වික සහයෝගිතාව වැඩි දියුණු කිරීම සහ පොදු අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින්ම යෝජනා කර තිබේ.
එම අවබෝධතා ගිවිසුම මඟින් දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව හා සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd