ලංකා බැංකුව රුපියල් බිලියන 15 ක අරමුදලක් රැස් කරගැනීම සඳහා 2024 වසරේදී නිකුත් කළ ණයකරය සඳහා ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AA- මූලික ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ඉදිරිදැක්මක් සහිත AA ශ්‍රේණියක් ලෙස ඉහළ නංවන බව මෙරට ක්‍රියාත්මක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) පවසයි.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරිම හරහා ලංකා බැංකුව මෙරට විශාලතම වාණිජ බැංකුව (තැන්පතු පදනම අනුව) ලෙස හිමිකරගෙන ඇති ස්ථානය තවදුරටත් පිළිබිඹු වන බවත් එම ආයතනය සඳහන් කරයි. විශේෂයෙන්ම බැංකුව සතු සියයට 100ක රජයේ හිමිකාරීත්වයද මෙහිදී අවධානයට යොමුව තිබේ.
2024 සැප්තැම්බර් මාසයේදී සිදුකළ මෙම ණයකර නිකුතුව හරහා රැස් කළ මුදල් බැංකුවේ අදියර දෙක ප්‍රාග්ධන අවශ්‍යතාව ශක්තිමත් කිරීමට සහ ව්‍යාපාර වර්ධනය වෙත යොදා ගැනීම අරමුණයි. මෙම ණයකරය වසර පහකින් කල්පිරෙන ලෙස නිකුත් කෙරී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd