මහනුවර-කොළඹ මාර්ගය පිළිමතලාව වැහෙයි ගෑස් මිලට ගැනීමට ආ පිරිසක් ගෑස් නොමැති වීම නිසා පිළිමතලාව නගරය හරස් කර විරෝධයක නිරතවීම නිසා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වි ඇත. 12 April 2022
“තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද (12 ) අලුයම සිට අගල් 6 බැගින් විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි. 12 April 2022
කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 12 April 2022
‘අවුරුද්දෙන් පස්සේ අලුත් ගෙදරට යනවා‘ රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය. 12 April 2022
නන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක හා ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ. 12 April 2022
දින 4ක් සිරකරුවන් බැලීමට අමුත්තන්ට අවසර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12) සිට 16 දක්වා කාලය තුළ සිරකරුවන්ට අමුත්තන් බැලීම සදහා විශේෂ අවසරයක් ලබා දී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 12 April 2022
දරුවන්ට අවුරුදු ඉල්ලා තාත්තලා පාරේ නිදාගනිති මෙවර අලුත් අවුරුද්දට සිය දරු පවුල් සදහා කෑමට බිමට දෙයක් නැතැයි කියමින් අද (12) පුද්ගලයින් දෙදෙනෙකු පිටිගල බස් නැවතුම් පොළ ඉදරිපිට බිම නිදාගෙන විරෝධය පෑහ. 12 April 2022
‘ඉන්දීය ණය ආධාර දීර්ඝ කරගන්න සාකච්ඡා‘ ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 12 April 2022
ජනපතිට සහාය දැක්වූ පෙළපාලියට අදත් විරෝධය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් ජනාධිපති ධූරයේ කටයුතු කළ යුතු බවට ඔහු සහාය දක්වමින් රඹුක්කන නගරයේ පැවැති පෙරළපාළියකට නගරවාසීන් පිරිසක් විරෝධය දැක්වීම නිසා ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය එම විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළේය. 12 April 2022
‘අපි සෙලවෙන්නේ නෑ‘ තමා රාජ්‍ය අමාත්‍යධූරයක් බාරගන්නා බවට පැතිරෙන ආරංචිය අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා පැවසීය. 12 April 2022
ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇත. 12 April 2022
කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි සිලාවතුර, කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි. 12 April 2022
සුළු පියයි මවයි එකතු වී දියණියට දස වද දීලා මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ මවක් ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සමඟ එක්වී සිය දියණියගේ මුහුණ රත්වූ හැන්දකින් පුච්චා දැමීම සම්බන්ධයෙන් මව සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසයි. 12 April 2022
කිඹුලා දිය නාමින් සිටි සිසුවා ඩැහැ ගනී නෑගම්පහ, මානේරුව වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයකු කිඹුලෙකුට බිලිව ඇතැයි පොලිසිය කියයි. 12 April 2022
මහලු අඹු සැමි යුවළ කපා කොටා මරලා පල්ලේබැද්ද කොස්වැටිය ගිරදුර ප්‍රදේශයේ නිවසක ජීවත්වෙමින් සිටි වයෝවෘධ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබියදී අද(12) එම සිරුරු සොයාගත් බව ගොඩකවෙල පොලිසිය කියයි. 12 April 2022
ගාලුමුවදොර විරෝධයට ආ රැප් ගායකයා හෘදයාබාධයකින් මිය යයි කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටි රැප් ගායකයකු ඊයේ (11) රාත්‍රියේ හදිස්සියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි. 12 April 2022
එස්.ටී.එෆ් යැයි පවසා අයෙක් කොල්ලකෑ 4ක් එස්.ටී.එෆ් දැලේ විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් බවට පෙනීසිටිමින් පුද්ගලයකුට මාංචු දමා පහර දී ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 2 1/2 ට ආසන්න මුදලක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත . 12 April 2022
දක්ෂිණ අධිවේගියේ රිය අනතුරකින් අයෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 57/2 කණුව අසළදී අද (12) අළුයම සිදුවූ රිය අනතුරකින් රථයේ සිටි සහායකයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 12 April 2022
පළාත් 7 කට තද වැසි පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 April 2022
ඒ - නවය මාර්ගය දඹුල්ලෙන් වහයි ඒ නවය කොළඹ - යාපනය මාර්ගය දඹුල්ලෙන් හරස් කර ගොවීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටිති. සිය ගැටළුවලට වහා විසැඳම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. 12 April 2022
ශාන්ත කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (11) පස්වරුවේ දිවුරුම් දුන්නේය. 11 April 2022
අවුරුද්දට ගමට යන්න සෙනඟ නෑ: දුම්රිය අටක් නවතී සිංහල අලුත් අවුරුද්දට ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය අටක් මගීන් නොමැතිවීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 11 April 2022
ජලවිදුලිය ඉහළට විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් තිබෙන හෙයින් ජලවිදුලි නිෂ්පාදනය සියයට 31 දක්වා ඉහළ නැංවු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 11 April 2022
මාස 2ක් තිස්සේ කුණු මාළු කන්ටේනර්වලට විදුලිය දීලා කොළඹ වරාය තුළ නරක් වූ මාළු කන්නේටර් 100 ක් මාස දෙකක් තිස්සේ විදුලිය සපයා තිබීමෙන් ඒ සඳහා රුපියල් කෝටි 15 ක (ලක්ෂ 1500) විදුලි ගාස්තුවක් ගොඩගැසී ඇති බව වාර්තා වේ. 11 April 2022
තරුණයන්ගේ ඉල්ලීම පිළි නොගත්තොත් එය දේශපාලන විප්ලවයක් තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකදී පැවසීය. 11 April 2022
පුද්ගලයන් 226 දෙනෙක් මිලියන 21 ක ජනතාවගේ අනාගතය විනාශ කරලා පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි. 11 April 2022
ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි. 11 April 2022
‘‘අර්බුදයෙන් ගොඩ එන්න ඉක්මන් පියවරක් ගන්නවා‘‘ මේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය කඩා බිඳ නොදැමෙන ආකාරයේ තීන්දුවක් ගැනීම ජනතා පරමාධිපත්‍යය ලබාගත් ආණ්ඩුවේ වගකීම යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවැසීය. 11 April 2022
‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘ පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති. 11 April 2022
‘‘බලතල අඩුකරන්න ජනපති අකමැත්තක් නෑ‘‘ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තම බලතල අඩුකරන්නේ නම් එයට අකමැත්තක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026