IMG-LOGO

මාස ‌2ක් තිස්සේ කුණු මාළු කන්ටේනර්වලට විදුලිය දීලා

(යොහාන් භාසුර)

කොළඹ වරාය තුළ නරක් වූ මාළු කන්නේටර් 100 ක් මාස දෙකක් තිස්සේ විදුලිය සපයා තිබීමෙන් ඒ සඳහා රුපියල් කෝටි 15 ක (ලක්‍ෂ 1500) විදුලි ගාස්තුවක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.

ප්‍රති අපනයනය කිරීම සඳහා මීට මාස දෙකකට පමණ පෙර කොළඹ වරායට ගෙන ආ මෙම කන්ටේනර්වල තිබූ මාළු කිසියම් හේතුවකින් නරක්වීමෙන් පසු වරායට ගොඩබා ඇති බවත් නකර වූ මාළු කන්ටේනර්වලින් පිටවීම වැලැක්වීම සඳහා මෙසේ ශීතකරණ සහිත කන්ටේනර්වලට විදුලිය සැපයුම ලබාදී ඇති බවත් වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දී දෛනිකව විදුලිය කප්පාදු කරන තත්වයක් තුළ කුණු මාළු තොගයකට විදුලි සැපයීම අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් හැකි ඉක්මණින් පියවරක් ගතයුතු බවත් වරාය වෘත්තිය සමිති අවධාරණය කරති.

අදාල කන්ටේනර් හිමි සමාගමට රක්‍ෂණයෙන් විදුලි බිල ගෙවීම සඳහා මුදල් ලැබෙනු ඇති බව කියන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙය රටේ ජනතාවට විදුලි අහිමිකිරීමක් බව ද සඳහන් කරති.  

වරාය හා නාවික අමතා්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ මෙවැනි දෙයකට විදුලිය සැපයීමෙන් විදුලිය නාස්ති කිරීම අනුමත නොකරන බවයි.   



අදහස් (0)

මාස ‌2ක් තිස්සේ කුණු මාළු කන්ටේනර්වලට විදුලිය දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 897 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site