(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්තේ සැරසරණ කදුකර කොටියා බෝපත්තලාව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කරන්නැයි වතු කම්කරුවෝ පොලිසියෙන් ඉල්ලා සිටිති.

එම කොටියාගේ ඡායා රුපයක් සිය ජංගම දුරකථනයෙන් ගෙන එම ඡායාරූපය සමග අද දින බගවන්තලාව පොලිසිය වෙත පැමිණ වාචිකව පැමිණිල්ලක් සිදු කළ බව බගවන්තාලව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නුවන් මධුසංඛ මහතා පැවසීය.

එම කදුකර කොටියා ගොදුරු සොයා තම වතු නිවාස ආසන්නයට දිනපතා පැමිණෙන බවත්, එම කදුකර කොටියා තම වතුයායේ වතුකම්කරුවන්ට අනතුරක් සිදු කිරිමට ප්‍රථම වනජීවි නිළධාරින් දැනුවත් කර එම කදුකර කොටියා තේ වත්ත ආසන්නයේම පිහිටි බෝපත්තලාව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.