
( සිතුම් චතුරංග)
සිලාවතුර,කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි.
දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් එහි හිමිකරු විසින් ඩෝසරයක් යොදා ශුද්ධ පවිත්‍ර කිරීමේදී බැරලයක දමා ආරක්ෂිත අයුරින් වළදමා තිබූ අත්බෝම්බ සහ යුද උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ගිනිඅවි සඳහා යොදාගන්නා පතරොම් රඳවන දෙකක්ද සොයාගත් බවත් සඳහන් කළේය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ සාමාජිකයින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම අත්බෝම්බ හා යුද උපකරණ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරති.
බැරලයේ අත්බෝම්බ දහයක් පමණ නිරීක්ෂණය වී ඇති බවත් එය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
අත්බෝම්බ හා යුද උපකරණ හමුවූ ස්ථානය තවදුරටත් කැණීම් කිරීමට නියමිත බවත් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් කීය. සිලාවතුර පොලිසිය , පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොයාගන්නෙ දක්ෂ බුද්ධි නිලධාරීන් වෙන්න ඕන. හැබැයි බලයෙ ඉන්න ඕනෙ හැම වෙලාවෙම බෝම්බ පුපුරවන්න සලස්වන බවත් අමතක කරන්න එපා. පුළුවන්නම් ඒ අය අළුත් යුද්ධයක් මවයි. විරුද්ධ පක්ෂ ශක්තිමත් නැති කොට මේවා කළමණාකරණය කරගන්න බැරිවෙනවා. මොකද මුං නාට්‍යය සහ කථන්දර මවනවා. මොට්ට වුනාට මොකද ඒකෙන් තමයි තම පැවැත්ම ගෙනියන්න උත්සහ කරන්නෙ.
ඔය පරණ සෙල්ලම් දාලා දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. මිනිස්සුන්ගේ හොරා කාපු සල්ලි දීලා මවුරටට යන්න.