
(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරි දිනවලදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවත් මෙම සංචාරයේදී ජනපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවත් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුගියදා ප්‍රකාශ කළේය.
එහිදී රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙරටේ සබඳතා, වෙළෙඳ හා ආර්ථික කටයුතු මෙන්ම ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු පැවැසුවේය.
එහිදී යුක්රේන යුද්ධයේ නවතම තත්වය පිළිබඳව ජනපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරනු ඇති බවද පෙස්කොව් සඳහන් කළේය.
ප්‍රවාහන ක්ෂේත්රයේ ජාත්‍යන්තර ව්‍යාපෘති සහ දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද ජනපති පුටින් සහ ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. මැද පෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳවද හමුවේදී දෙපාර්ශවයේ අවධානය යොමුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd