
(අංජුල මහික වීරරත්න)
තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
"අප බලන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පෙරලියක් කරන්නයි. තරුණයින් බලන්නේ වීදියෙන් දේශපාලන පෙරලියක් කරන්නයි"යනුවෙන් පැවසූ වික්‍රමසිංහ මහතා එය විශාල බලවේගයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ද එම බලවේග ඉස්මතු වී ඇති අතර වීදියේ සටන් වලට එකතු වීම සඳහා තමා එජාපයේ තරුණ තරුණියන්ට අනුමැතිය දුන් අතර අරගලය සාමකාමීව කරන්නැයි උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.
තරුණයින්ට අනාගතය නැති වීමේදී දැනෙන බිය තමා දන්නා අතර තරුණයින් සාමකාමීව කටයුතු කිරීම ගැන ප්‍රශංසා කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා පවතින ක්‍රමවේදය වෙනස් කළ යුත්තේ ව්‍යවස්ථාව තුළින් යැයිද ව්‍යවස්ථාව එක් වරක් කැඩුවොත් එය යළි කැඩීම පහසුවනු ඇතැයිද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව, දේශපාලන පක්ෂ වැනි සියල්ලන් ගේම බලය හීන වී අලුත් බලයක් නිර්මාණය වී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ තරුණියෝ මොනවද ඉල්ලන්නේ? ආණ්ඩුව ගෙදර යවන්න ඊට පස්සේ කාවද පත් කොරන්නේ කියලා ඔවුන් කියනවාද? අරාබි කියමක් තිබෙනවා ඉන්න කෙනා යනවාට සතුටු වෙන්න ඕනේ එතනට එන කෙනා කවුද කියලා දැනගෙන. කියලා. සිංහලෙන් කියන්න කැහි ගැහැණි පන්නලා හොටු ගැහැණි ගන්නවා කියලා. කවද පත් කර ගන්නේ කියලා ඔය තියන තරුණ තරුණියෝ දන්නේ නැහැ. අපි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න දන්නේ නැහැ. ඔවුනට ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ.