
(ඩයනා උදයංගනී)
මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.
මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.
නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අතර පරිණත බවක් තියන අතර මේ කරුනෙහි සත්‍යතාවයක් ඇත. විපක්්‍ෂයේ ඉන්න හර්ෂ සහ එරාන් වගේම හැම පක්ෂයෙන්ම වඩා ජනප්‍රිය අයෙක් තොරාගැනීම අවශ්‍යයි. මේ වෙලාවෙ පංගු බේරු බලන්න එපා. කොහොමත් කොයි පක්්‍ෂයක් ගැනවත් දැනට ජනතා විශ්වාසයක් නෑ.
වෙලාතියෙන්නෙත් ඒකම නේද? ඇස් කන් නාසා නැති, ගඳ සුවඳට සංවේදි නැති නායකයෙක් පාලනය කරන රට ආරාජික නොවේද?
උඹලා මේ පාර විතරයි පාර්ලිමේන්තු ඉන්නේ. උඹලා පොහොට්ටුවේ ජරා මජර අපතයො සෙට් එකක්. කවදාවත් කිසිම පක්ෂයකට හෝ කණ්ඩායමකට මන්ත්‍රීවරු එකසිය විස්සකට වඩා නොදිය යුතුයි. මුන්ට තුනෙන් දෙක තියෙන හින්ද තමයි බලයෙන් අයින් කරන්න බැරි. මේ අපතයන්ට රට ගැන හැඟීමක් නෑ. කටමැද දොඩවන එක විතරයි තියෙන්නේ.
"ශාන්ත කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි" ඇමති කටු ලෙවකන්න නේ මේ ?
දැක්ක නේද මේ දේශපාලන හාල්පාරුවෝ දැන් කියන දේ ? මුන් කරන්නේ ව්‍යාජ රංගනයක් කියල මේකෙන්ම පැහැදිලි වෙනවා නේද ? කව්රුවත් කියල නැහැ ජනපති ට ඉවත් වෙලා රට අරාජික කරන්න කියල ඉල්ලීම තියෙන්නේ මේ දේශපාලන ළදරුවව පර්ජතාන්ත්රවාදීව අයින් කරලා වැඩ කරන්න පුළුවන් මොලයක් තියන කෙනෙක් ගෙන්න කියල එක මේ දේශපාලන මීහරක් එක්ක කවදාවත් වෙනදෙයක් නෙමි මේක මේ විදියට ඔඩු දුවන්න ඇරියොත් මේ රට ආපහු ලේ විලක් වේවි ඒ හින්ද මේ වෙලාවේ මීක් නැතුව ඉන්න මුන්ට සිව්රු නැ තුව කඩේගිය කහකඩයෝ ටිකටයි රට ගැන ඇත්ත කැක්කුමක් තියන නමුත් තවමත් "හොල්මන් වෙලා " වගේ ඉන්න පූජක පක්ෂයට මම මේ කියන්නේ එලියට එන්න ඇවිත් මේ ගැටලුව ලිහාගන්න උත්සාහ කරන්න
මොහු දුෂිත දේශපාලන පසුබිමක් සහිත අයෙකි. තම පුද්ගලික අභිවෘද්ධියට අදහස් ප්‍රකාශ කරන අයෙකු ලෙස හැඳින්විය හැක.
රට තවත් අරාජික වෙන්න තියෙනවාද කියන එකයි ගැටළුව. දුර්වල ජනාධිපතිවරයෙක් යටතේ අරාජික වුන රට නැවත අන්තර් පාලනයක් හෝ කුමන පාලනයක් යටතේවත් යථා තත්ත්වයකට පත්වේ යයි කිසිවෙක් සිතන්නේ නම් ඔහු පිස්සෙක් හෝ ආත්මාර්ථකාමීයෙක් විය යුතුය. රටක් අරාජික තත්ත්වයකට පත්කළ නායකයාට ආත්මගෞරවයක් ඇත්නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි.