(අජිත්ලාල් ශාන්තඋදය,රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)

පල්ලේබැද්ද කොස්වැටිය ගිරදුර ප්‍රදේශයේ නිවසක ජීවත්වෙමින් සිටි වයෝවෘධ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබියදී  අද(12) එම සිරුරු සොයාගත් බව ගොඩකවෙල පොලිසිය කියයි.

එම්. දයානන්ද නැමැති 75 හැවිරිදි පියෙක් සහ ආර්.හේමලතා නැමැති 70 හැවිරිදි අඹුසැමිය යුවලක් එසේ ඝාතනය කර ඇත.

ඔවූහු පස්දරු මාපියන් බවට හදුනාගත් බව පොලිසිය සදහන් කරයි.

කිසියම් පිරිසක් නිවසට ඇතුළු වී  එම යුවළ මරා දමා ඇති බවත් මවගේ සිරුරු නිවසේ මුළුතැන්ගේ පිටුපස පිළ අද්දරත් පියාගේ සිරුර නිවසට ඇතුළත තිබී සොයාගත් බව පොලිසිය කියයි.

එම මාපියන්ගේ  පුතුන්  දෙදෙනෙක්  නිවසට යාබඳව පිහිටි ඉඩම් දෙකක ජීවත් වන බවත් එක් පුතෙක් එදින මව සති පොළට කැදවාගෙන යාම එම නිවසට පැමිණිමේදී එම සිරුරු දැක ඇතැයි පොලිසිය පැවසීය. මෙම  ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

ගොඩකවෙල පොලීසිය  සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරයි .