
(යොහාන් භාසුර)
කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටි රැප් ගායකයකු ඊයේ (11) රාත්‍රියේ හදිස්සියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර ඔහු මිය යෑමට සුළු මොහොතකට පෙර ද ගීත ගායනා කරමින් විරෝධයට සහභාගී වූ පිරිසට සහයෝගය දුන් අයෙකු වෙයි.
ශ්‍රී ලංකාව තුළ රැප් සංගීතය ප්‍රචලිත වූ මුල් අවධියේ රැප් ගීත ගායනා කළ ෂීරාස් ෂිරාස් නමින් ජනප්‍රිය වූ ඔහු ඊයේ (11දා) රාත්‍රියේ විරෝධතාවයට සහයෝගය පළ කිරීමට විවිධ සංගීත ශිල්පීන් එක්ව විරෝධතා භූමියේ සංවිධානය කළ ප්‍රසංගයට එක්ව ගීයක් ගැයීමෙන් පසුව හදිසියේ අසනීප වූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කියන විදියට "ගීත ගායනා කරමින් විනෝද වෙමින්" ඉන්නකොට තමයි මැරිල තියෙන්නේ. අපට නම් දැනෙන්නෙ දවස් ගානක් මහන්සි වෙලා රටේ අනාගත යහපත වෙනුවෙන් වැඩ කරපු තරුණයෙක් රටට අහිමි වුනාකියල. අප සියලු දෙනාගේ ජීවිත සමෘද්ධිමත් කරන්න කැපවුණු ඔබට ස්තුතියි....! ඔබ අදහන ආගම අනුව උපරිම තලයකට යන්න අවස්ථාව ලැබේවා.....!
මත්ද්‍රව්‍ය භාවිතා කළ අයත් ඔය විදියට එකවරම හෘදයාබාධ වලින් මිය යනවා.
එහෙම ගායකයෙක් ඉන්නව කියලා දන්නෙ මේ දැන්. ට්යුබ් එකේ අය වෙන්න ඇති