(චන්ද්‍රසිරි ගුණසේකර)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 57/2 කණුව අසළදී අද (12) අළුයම සිදුවූ රිය අනතුරකින් රථයේ සිටි සහායකයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

හිස් බියර් බෝතල් රැගෙන මාතර සිට කොළඹ දෙසට යමින් තිබූ මෙම රථයේ රියදුරාට නින්දයාමෙන් වාහනය පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

අනතුරෙන් තුවාල ලැබූ රියදුරා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මියගිය ලොරි සහායකයාගේ සිරුර ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙම ලොරිරථය කොළඹ ප්‍රදේශයේ පිහිටි සමාගකට අයත් එකක් වන අතර රියදුරා හා සහායකයා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහතැප්ම පිවිසුමේ පිහිටි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.