(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (11) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
කෘෂිකර්ම රාජ්‍ය ඇමති වරයා ලෙස කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා සිටීමේ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර මහතා මෙසේ පත්කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉවත්ව මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකි.
මේ අතර ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාරගෙන නැති බව ද වාර්තා වේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශාන්ත කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි
saman Tuesday, 12 April 2022 08:52 AM
මුන් නම් මරු ජනතා නියෝජිතයෝ. මරු එකට ජනතා හඬ නියෝජනය කරනවා. නොදොකින්.