( ලලිත් නවරත්න)

මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ මවක්  ඇයගේ අනියම් පුරුෂයා  බව කියන  පුද්ගලයා සමඟ එක්වී   සිය දියණියගේ  මුහුණ රත්වූ හැන්දකින්  පුච්චා දැමීම සම්බන්ධයෙන් මව සහ අනියම් පුරුෂයා බව කියන  පුද්ගලයා  අත්අඩංගුවට ගත් බව  මාරවිල පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් මවට  සිද්ධියට මුහුණ දුන් අවුරුදු 11 දැරියට අමතරව තවත්  වයස  අවුරුදු  5ක දැරියක් සහ , අවුරුදු 3 තුනක පිරිමි දරුවෙක්ද සිටින බව පොලීසිය කියයි.

දැරියට දඩුවමක් ලෙස පහරදී  මේස හැන්දක් රත්කර මුහුණ සහ තොලෙහි  තැබීමෙන්  දැරිය තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

දැරිය ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතිඅතර මව සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු දරුවන් දෙදෙනා පොලිස් භාරයේ පසුවන අතර සැකකාර මව සහ සුළුපියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස්මත මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන්  ළමාහා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක එස්. ඒ. එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.