
(ඩයනා උදයංගනී)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තම බලතල අඩුකරන්නේ නම් එයට අකමැත්තක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අතර ඊයේ (10) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම ‘21 වන සංශෝධනය ගෙනත් බලතල අඩුකරන්න කිහි ප්‍රශ්නයක් නැහැ. එයට කැමතියි’ යනුවෙන් ප්‍රකාශ කළ බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
නමුත් නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිව ඒ දේ කළ නොහැකි බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
ජයසේකර මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුන මගින් බොරැල්ල, ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
ජනතාව ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට උද්ඝෝෂණ කළත්, පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ නීතිය හා ව්‍යවස්ථාව අනුව බැවින් සියලු පක්‍ෂ එක්කරගත් අන්තර්වාර පාලනයක් සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද හිටපු රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
ජනතාව ඉල්ලන්නේ රාජපක්‍ෂවරුන් හා දූෂිතයන් නැති කැබිනට් මණ්ඩලයක් බව කී හිටපු රාජ්‍ය ඇමතිවරයා වත්මන් ආණ්ඩුවේ කාඩ් කුට්ටම කොයි ආකාරයෙන් ඇනුවත් ජනතාව පිළිගන්නා සුජාතභාවය ඇති ආණ්ඩුවක් හැදිය නොහැකි බව ද සඳහන් කළේය.
රටේ ආර්ථිකය කඩාවැටෙන බව කියද්දීත් නෑසූකන්ව සිටි අය නැවත එක්කරගෙන හදන කැබිනට් මණ්ඩලයක් රට හෝ ලෝකය පිළිනොගන්නා බව කී ජයසේකර මහතා ගොඩනැගීමට යන නව අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයෙහි දූෂිත ඇමතිවරු ඉඳගන්නවාට තම කණ්ඩායම කැමති නැතැයි ද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන ඉල්ලන්නේ ස්ථාවර ආණ්ඩුවක් බව කී දයාසිරි ජයසේකර මහතා දේශපාලන ස්ථාවරභාවයක් නැතිව ගියහොත්ත් රට තවත් අගාධයට යනු ඇතැයි ද කීවේය.
මහබැංකු අධිපති හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පිළිගත හැකි අය පත්කළා මෙන්ම නව අගමැතිවරයෙක් හා නිවැරදි ඇමති මණ්ඩලයක් පත්කිරීමටත් ජනාධිපතිවරයා පියවර ගත යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්ද නැවත කෘෂිකර්ම ඇමති ලෙස පත් කරනු.
බලතල අඩුකරන්න කිසිම ජනාධිපති කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ එහෙනම් ඇයි මේ ජනාධිපති බලය අඩුකරන්නේ? ජනාධිපති බලය අඩුකලාම රටට ඩොලර් පැටරෝල්, පොහොර, බෙහෙත්, පිටි,කිරි පිටි පහුවෙනිදාම ලැබෙනවාද? රටේ ඩොලර් තිබුනානම් ජනාධිපතිගේ බලය ගැන ප්‍රශ්න එනවාද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන ඉල්ලන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවට වන ප්‍රකාශයේ සැබෑම යථාර්ථය වන්නේ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට අරමුදල් සපයන ප්‍රභල රටවලට අවශ්‍ය පරිදි නැටවියහැකි ආණ්ඩුවක් ඉල්ලන බවයි. එසේ නොවන්නේ නම් දැනටද ස්ථාවර රජයක් තිබේ. තවද යම් රජයකට ඇති විරෝධය නිවැරදිව මිනිය හැක්කේ විධිමත් මැතිවරණයකින් විනා මහා ශුද්ධවන්තයන් එකල ශබ්දයෙන් ඡන්දය තීරණය කලා වැනි අවිධිමත් ආකාරයකින්ද නොවේ. එබැවින් සියල්ල විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේද තුලින් විනා අවිධිමත් රස්තියාදුකාර ක්‍රම වලින් විසඳීීම මැදහත් ජනතාවගේ අපේක්ෂාව නොවේ. 225 ම එපා යැයි කියමින් ආරම්භ වුවා නම් සිටින 225 ජනමතයට වලංගුභාවයක් නැති විය යුතුය. එහෙත් 225 එපා යැයි පිරිසක් කියූ පමණින්ම එලෙස සිටින 225 අවලංගුද නොවේ. 225 224 දක්වා පමණක් අඩුවීමටද හැකියාවක් නැත. එබැවින් නසුදුසු පුද්ගලයන්ට වගකීම් නොදී මේ පවත්නා ක්‍රමවේදය තුලින්ම විසඳුම් සෙවීමත්, ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු කල්හි මහ ජන මතය විමසා බැලීමත් වටී. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. නීතියද එයයි. නීතියට ගරු නොකරන්නන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේක්ෂා කල නොහැකිය.