(ඉන්දිකා  රාමනායක)

විශේෂ කාර්ය බලකායේ  භට පිරිසක් බවට  පෙනීසිටිමින් පුද්ගලයකුට මාංචු දමා පහර දී ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ  2 1/2  ට ආසන්න  මුදලක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මොවුන් පිරිස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ඔවුන් ගමන්ගත් ගමන් ගත් වෑන් රථයක් සහ යතුරු පැදියක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත .

සැකකරුවන් විසින් පුද්ගලයකුට  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පවසා  අත්අඩංගුවට ගෙන මාංචු දමා පහර දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  කඩුවෙල, මාකොල, වැලිපැන්න , යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද විශේෂ කාර්ය බලකාය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මුල්ලේරියාව පොලිසියට භාර දී ඇත .