(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)

නෑගම්පහ, මානේරුව වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයකු කිඹුලෙකුට බිලිව ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවාගේ මෘත දේහය අද(12) උදෑසන වැවේ තිබී හමු වූ බව ද පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බී එම් ඉමන්ත ඉන්ද්‍රජිත් බාලසූරිය නමැති සිසුවෙකි.

තවත් කුඩා දරුවන් දෙදෙනකු සමග මෙම සිසුවා  ඊයේ (11) පස්වරුවේ වැවේ  දිය නෑමට ගොස් ඇත.

අනෙක් කුඩා දරුවන් දෙදෙනා දිය නා අවසන්ව ගොඩට වී සිටින විට මියගිය දරුවා තනිව වතුරේ නාමින් සිටියදී කකුලෙන් අදින බවට කෑගසා තිබේ . ඒ සමගම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස්  ඇතැයි කියයි.