( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක්  අද (12 )  අලුයම සිට  අගල් 6 බැගින් විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.

නොකඩවා දිගින් දිගටම ඇද හැලෙන මහ වැසිත් සමග තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස දින කිපයක් තුළ ඉහළ යාම සිදුව ඇති බව වාරි මාර්ග බළධාරින් පවසයි.

මේ හේතුවෙන් ජලාශයේ ජල මට්ටම නිසි ලෙස පවත්වාගෙන යාමේ අරමුණින්  වාන් දොරටු විවෘත කිරීම සිදුව තිබුණි.

මෙසෙ මුදා හරින ජලය නරි ඔය දිගෙ ගලා විත් මී ඔයට වැටි පසුව පුත්තලම කලපුවට ගලා යාම සිදුවන බවත් මේ හේතුවෙන් ගංවතුර තත්වයක් මතු නොවන බවද වාරි මාර්ග බළධාරිහු කියති.