
(යොහාන් භාසුර)
රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති හතරක් තුළ ඉවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයට හිස නමා එම නිවසෙන් ඉවත්ව යන බවත් අදාල නිවස අයිතිකරගැනීමට තමන් උත්සහ කළේ යැයි ඇති ප්‍රචාර අසත්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
අදාල නිවස පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගය ඇතැමුන් තමන්ට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නිවස රුපියල් කෝටි 800 ක් වටිනා සුඛෝපභෝගි නිවසක් නොවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෙයාලට තියෙන දැවෙන ප්‍රශ්න . රජයේ කොටි ගාණක ගෙයකිින් වෙනත් රජයේම කෝටි ගාණක ගෙදරකට යන එක
කොහොමත් පොළොන්නරුවේ ගිහින් ගොවිතැන් කරනවා කියල නේ කිව්වේ