හරක් 2000ක් හොරකම් කළ තිදෙනකු අත්අඩංගුවට සුභෝපභෝගී වාහන වලින් ගොස් හරක් ආසන්න 2000 අධික ප්‍රමණයක් සොරාගත් , හරක් හොරකම සම්බන්ධයෙන් අධිකරණ වලින් වරෙන්තු 51 ලැබ සිටි ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලයකදී රැදී සිටියදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 02 December 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 යි එළඹෙන සති අන්තයේ (3 සහ 4) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 December 2022
ඒඩ්ස් ආසාදිතයන්ගේ වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී වාර්තා වූ ඒඩ්ස් (එච්.අයි.වී) ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි. 02 December 2022
අලිපොත අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලිපොත දින 10 ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙස අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ රෙජිස්ට්රාර්වරයාට අද (02)නියෝග කළේය. 02 December 2022
මහින්ද - මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. 02 December 2022
ලෝක බොරතෙල් මිල පහළ බැස්සත් මිල සූත්‍රය නැහැ ලෝක වෙළඳපොලේ විශාල ලෙස බොරතෙල් මිල පහළ බැස තිබියදීත් මිල සූත්‍රය අනුව ඉන්ධන මිළ පහළ නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නනේ ඇයිදැයි ප්‍රශ්න කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 02 December 2022
නව වර්ෂයේ උපාධි පාඨමාලා වැඩි කරයි නව අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් අලුතින් හඳුන්වා දුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමපත් අමරතුංග මහතා පවසයි. 02 December 2022
නිවාස සංවර්ධන අධිකාරිය මිලියන ගානක ණය අයකර ගනී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාලව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි. 02 December 2022
යුද හමුදාවෙන් ජනපතිට බෑගයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීය. 02 December 2022
සරසවි කඩයිම් මෙතැනින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම ලකුණු (Z-Score) විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව මගින් අද (2) නිකුත් කෙරිණි. 02 December 2022
මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා ’’අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා’’යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 December 2022
ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කොන්දක් නැති නම් ඔය ඇමැතිකම මොන්ටිසෝරි දරුවකුට දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (2) ඉල්ලීමක් කළේය. 02 December 2022
44,000කට සරසවි වරම් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් 44000ක් මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභා පති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 02 December 2022
දුප්පතුන්ට සහන ගන්න අයි.එම්.එෆ් චීනය සමග සාකච්ඡා දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග බෙයිජිං හි නිල සංචාරයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. 02 December 2022
පොලිස් කතට කැත කතා කියූ සෙබලා කූඩුවට මාවනැල්ල පොලිස් ස්ථානය තුළ එහි රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචන කියා ලිංගික අතවර කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 December 2022
කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (2) රාත්‍රී 10.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 02 December 2022
ප්‍රියමාලි ලයිට් බිලටත් පොලු තියලා මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචි මාර්ග වලින් පැවසේ. 02 December 2022
කන්න හොඳ හාල් කුකුලන්ට දෙන්න ගෙනිහින් මාට්ටු මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ සහල් කිලෝ 21240ක් සත්ව ආහාර සැකසීම සඳහා ලොරි රථයකින් කදුරුවෙල සිට කුලියාපිටියට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මින්නේරිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 02 December 2022
දේශීය ණය පැහැර හැරීමේ අවදානමක් ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය වර්ගීකරණ ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත දැමීමට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් ඊයේ(01) කටයුතු කළේය. 02 December 2022
බිළිඳකු පොල්පිතිගම වෙල්යායක දමා ගිහින් පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි. 02 December 2022
ශ්‍රී ලංකාවට ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී නාමලේඛණයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ (සී.අයි.ඕ.) නාමාවලියක් සකස් කිරීමට අයදුම්පත් කැඳවන බවත් ඒ සදහා සුදුසුකම් ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට මේ මස 30 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) පැවසීය. 02 December 2022
17 දරුවා මෝටර් රථය තුළ මරුට නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු මෝටර් රථයෙන් එළියට ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි. 02 December 2022
රජ සැප කුමට නුඹෙ සෙනෙහස ඇති අම්මේ මැල්සිරිපුර බණ්ඩිපොල ප්‍රදේශයේ ගරා වැටුණු අනාරක්ෂිත නිවසක මවත් පියාත් නොමැතිව තම නැගණිය සමග තනිව ජීවත්වූ දාහතර හැවිරිදි දියණිය පිළිබඳව මාධ්යත මගින් හෙළි කිරීමෙන් අනතුරුව කුවේට්හි තානාපති කාර්යාලය සහ රට විරුවන් සංවිධානය මගින් එම දැරියන්ගේ මව නැවත ඊයේ (1) ලංකාවට එවීමට කටයුතු කරනු ලැබීය. 02 December 2022
ආර්ථිකය ගැන හොයන්නැයි ඉල්ලූ ලියවිල්ල කෝ? 2019 න් පසු ලංකා ආර්ථිකයට සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන පරීක්ෂණ කරන්නට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර කතානායකට දුන් ලිපියට සිදු වූයේ කුමක් දැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 02 December 2022
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මාස දෙකක් රස්තියාදු කරයි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව මාස 2කට පෙර තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද එම අවස්ථාව මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට අදාල ක්‍රීඩකයා සූදානම් වන බව දැනගන්නට තිබේ. 02 December 2022
මැතිවරණ කොමිසම ආණ්ඩුවේ නාඩි වැටෙන හැටි බලන් ඉන්නවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙි නාඩි වැඩ කරන්නේ කොහොමදැයි මැතිවරණ කොමිසම බලා සිටීම නිසා එම ඡන්දය නොපවත්වා සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 December 2022
මොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් වගාවට මොනරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. 02 December 2022
ක්‍රිකට් කණ්ඩායම ගැන සොයන්න ඇමැති ගෙනුත් කමිටුවක් ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කර තිබේ. 02 December 2022
ප්‍රාදේශීය ලේකම්වරු හිතුමතේට ඉඩම් බෙදලා හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් අම්මා අප්පාගේ බූදලය වගේ තමන්ගේ ඥාතීන්ට ඉඩම් බෙදා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීමක් කරන බව වනජීවි හිටපු අමාත්‍ය, නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 December 2022
සමන්තා පවර් - අලි සබ්‍රිරි හමුවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුණගැසුණු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 02 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026