පන්තිවලට සිසුන් ගැනීම ගැන තීන්දුවක් අතරමැද පන්ති සඳහා 2022 වසර වෙනුවෙන් සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන ලබන 5 වැනි දින සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 December 2022
අලි අගල් හොරට කපා වැලි සහ පස් ඇදලා අලි වැට වෙනුවට අඟල් කැපීමේ ව්‍යාපෘතිය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් කිලෝමීටර් කිලෝමීටර් 55ක අගල් කපා වැලි සහ පස් ඇද ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය 02 December 2022
පොහොර නැව් දෙකක් කොළඹ වරායට එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දෙන යුරියා මෙට්‍රික් ටොන් 9000ක් සහිත නැව අද (2) උදේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 December 2022
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අද සවස 2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (2) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 02 December 2022
විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (2)පැවසීය. 02 December 2022
කොම්පෝස්ට් කියා වැලි දුන් සමාගම ’’බ්ලැක් ලිස්ට්’’ ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය. 02 December 2022
කන්න නැතිව එක් දරු මව දිවි නසාගෙන? නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පැවසීය. 02 December 2022
පළාත් රැසකට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2022
තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 02 December 2022
කෝටි 5233ක ව්‍යාපෘති පටන් ගත් තැනම විදේශ ණය ආධාර යටතේ රුපියල කෝටි 7398 වැය වසර හතරත් හයත් අතර කාලයකින් අවසන් කරන්නට නියමිත වූ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපෘතිවලින් කෝටි 5233ක වැඩ 2022 වන විටත් අවසන්ව නැති බව විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ විගණන වාර්තාවලින් අනාවරණය වේ. 02 December 2022
ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 02 December 2022
හොර වකුගඩු රෝහල ගැන විමර්ශනයක් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩුවකට රුපියල් කෝටි එකහාමාරක් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචා කර ඒවා ලොකු මිලගණන්වලට දේශීයව සහ විදේශීයව විකුණා ඇතැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (01) කරුණු වාර්තා කළේය. 01 December 2022
පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකරමි මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකර බවත් පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම නිසා මේ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 December 2022
විදුලිය හෙට කපන්නේ මෙහෙමයි පැය දෙකයි විනාඩි 20 ක් හෙට (2) දිනයේ ද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 December 2022
එජාපය ගමෙි බලඇණිය තෝරයි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (1) ආරම්භ කෙරිණි. 01 December 2022
‘‘කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්න බැඳිලා නෑ‘‘ විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 December 2022
මාල කඩා යන්න බැරි වෙයි බත්තරමුල්ලේ දී හංදියේ දී අද (1) පෙරවරුවේ මහමග ගමන් තරුණියගේ රන් මාලයක් කඩාගෙන යතුරු පැදියෙන් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනකු පොල්දූව මංසද්ධියේ දී වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 01 December 2022
ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ් 15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය. 01 December 2022
ලබන වසරේ මාර්තු රටම අඳුරු වෙන ලකුණක්? ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය. 01 December 2022
මුළු රටේම කුඹුරු වගා කරන ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි 2022/23 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 ම කුඹුරු හෙක්ටෙයාර් 636,348ක වගා කටයුතු අරඹා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 01 December 2022
ලංකාවේ අධ්‍යාපනය ඉංගිරිසියට හැරවිය යුතුයි ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 01 December 2022
අධ්‍යාපනය ගැන තීරණවලට දේශපාලනය ගාවගන්න එපා අධ්‍යාපන ක්ෂේත්රය ගැන කරුණු ඉදිරිපත් කිරීමේදී මෙන්ම ක්‍රියාවෙන් කටයුතු කිරීමේදී පටු දේශපාලන අරමුණුවලින් වැලකී කටයුතු කිරීම වැදගත් බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 01 December 2022
නාවක්කුලියේදී කුඩා බස් රථයක් දුම්රියේ ගැටෙයි ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (1) ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ. 01 December 2022
සීසර්ලා තල්ලු කරලා මන්ත්රීනිය රෝහලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක ලීසිං වාරිකය ප්රමාදවූවැයි කියමින් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රෝහල්ගත කළ බව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 01 December 2022
ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක් ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබේ. 01 December 2022
’’ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා’’ ’’අද දරුවන්ට කන්න කෑම නෑ. ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා’’ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 December 2022
පෞද්ගලික අධ්‍යාපනය එපා කියන අය මුදලට වැඩ පෞද්ගලික අධ්‍යාපනයට යන්න එපා යැයි කෑ ගහන විශ්ව විද්‍යාල වල ඇතුලේ ඉන්න බාහිර උපාධි සදහා මුදලට පන්ති පවත්වා පෞද්ගලික ක්‍රමවේදයක් අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 December 2022
දුම්රිය ප්‍රමාදයට විසඳුම වේලාව වෙනස් කිරීම නොවෙයි දුම්රිය ප්‍රමාදය වැලැක්වීමට පියවර ගැනීම දුම්රිය ප්‍රධානීන්ගේ වගකීම බවත් ප්‍රමාද වැලැක්වීමට ධාවන වේලාව සංශෝධනය කිරීමෙන් දුම්රිය තව දුරටත් ප්‍රමාද වන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 01 December 2022
මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට ගම්පහ, කළගෙඩිහේන ’’ සනිරෝ’’ ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින් සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය. 01 December 2022
ජනවාරියේ උසස් පෙළ නිසා විදුලිය නොකැපිය යුතුයි අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වන හෙයින් ඒ කාල සීමාවේදී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026