දේශීය ආදායම් මෘදුකාංගයක් නැවතිලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගැනීම හා සම්බන්ධ පරිගණක මෘදුකාංගයක් කිසියම් තදබද තත්වයක් හේතුවෙන් හදිසියේ අක්‍රීයවී ඇති හෙයින් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 December 2022
දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි. 01 December 2022
ජනතා විශ්වාසය වැඩි මහ බැංකු අධිපතිට ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6 ක විශ්වාසයක් හිමිව ඇති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි. 01 December 2022
මාපියන්ගේ ප්‍රශ්න දෙකක් ගැන රෝහිණී කියයි දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට අද ලංකාවේ මාපියන් මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවැසුවාය. 01 December 2022
මනුස්සකමක් තියෙනවා නම් විදුලි බිල වැඩි කරන්නේ නෑ රටේ ජනතාව කෑම බීම නොමැතිව දැඩි ආර්ථික පීඩනයක සිටින මොහොතක විදුලි බිල නැවතත් වැඩි කිරීමට යෑම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (1) රජයෙන් ඉල්ලීමක් කළේය. 01 December 2022
කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක් ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි. 01 December 2022
අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. 01 December 2022
ජනපතිගෙන් මැලේසියා අගමැතිට දුරකථන ඇමතුමක් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 December 2022
රටපුරා හෙට හවස වැසි දිවයින පුරා හෙට (2) සිට සවස් කාලයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 December 2022
සුදුහඳුන් හොරාට ගෙනියන්න බැරි වේ රුපියල් ලක්ෂ 04 කට අධික වටිනාකමක් ඇති ඉතාමත් දුර්ලබ සුදු හඳුන් දැව කැබලි තොගයක් සමඟ පුද්ගලයකු අම්පාර දෙකේ කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 01 December 2022
මෙරට සූපවේදීන් අන්තර්ජාලයට යයි ශ්‍රි ලංකා සූපවේදීන් ගේ ගීතය සහ වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවය ජෙයි ජෙයි බීච් හෝටලයේදී (29) සිදු කෙරිණි. 01 December 2022
පානදුරේ කලබලයක් අතර අහසට වෙඩි තබලා පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි . 01 December 2022
රට යවනවැයි මුදල් ගරා මාට්ටු දිවයින පුරා ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකරුවකු බම්බලපිටිය ඩික්මන් පාරේ දී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 30 November 2022
සතොස සහල්,ලුනු,හාල්මැස්සන් මිල පහළ දමයි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල නැවත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි. 30 November 2022
ඕස්ට්‍රේලියා ගියත් හොරකම අතහැර නෑ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දේශීය ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දස දෙනකුට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් තම සේවා යෝජකයාගේ ගිණුමෙන් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකු ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. 30 November 2022
එක්දින සේවයෙන් ‘පාස්පෝට්’ 3000 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය. 30 November 2022
ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූවා කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න ආවොත් හැප්පීමට සූදානම් බවත් වර්තමානයේ හැප්පීමට එන පුද්ගලයන්ට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. 30 November 2022
අරගලයේ වසන්තට ලක්ෂ 05ක ශරීර ඇපයක් අරගලය පැවැති දිනයේදී ජනාධිපති ලේකම්කාර්යට අයුතු ලෙස ඇතුලුවීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. 30 November 2022
පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය. 30 November 2022
නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 30 November 2022
ලිට්රෝ නඩුවට ජනාධිපති නම ඇඳුවාට නීතිපතිගේ විරෝධය ලිට්රෝ ගෑස් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමෙහි වග උත්තරකරුවෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය. 30 November 2022
බිත්තර පාලන මිල යළි සලකා බලනවා බිත්තර මිල සඳහා වත්මන් වෙළඳපොළ පාලන මිල පිළිබඳව යළි සළකා බැලීමට තීරණය කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. 30 November 2022
සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 30 November 2022
වැවිලි සමාගම්වල නිකන් තියෙන ඉඩම් රජයට මහා පරිමාණ වැවිලි සමාගම් සතු භාවිතයට නොගන්නා ඉඩම් ( ඌන උපයෝජිත ඉඩම්) රජයට පවරා ගැනීම සඳහාවූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කර ඇතැයි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 30 November 2022
තිළිණිගේ නඩුවේ දෙකකට ඇප. දෙකක් රිමාන්ඩ් තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැරමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 30 November 2022
ජනතාව බඩගින්නේ තබා නීරෝලා වීනා වාදනය කරනවා ජනතාව බඩගින්නේ තබා නීරෝලා වීනා වාදනය කරන බව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 30 November 2022
අන්තර් ජාලය බලා ගිනි අවියක් නිපදවලා යූ ටියුබ් එකේ දර්ශණ නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . 30 November 2022
නිව් ඩයමන්ඩ් නැව යැව්ව එක වැරදියි එම්.ඊ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි බත් වූවාට පසු එම නැවට මෙරටින් පිටවීමට ඉඩදීම කනගාටුදායක තත්වයක් බවත් එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එම කාලසීමාවේදී අදාල අමාත්‍යාංශය බාරව සිටි දේශපාලන අධිකාරියටද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නාවික හමුදාපතිවරයාටද තමා කෙළින්ම චෝදනා කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2022
ආයතන රැසකින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පොලු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවිය. 30 November 2022
අංගුලිමාලයි දේවදත්තයි පැත්තකින් තියලා ජනතාවට කන්න දෙන්න මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාල ලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 30 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026