(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවිය.
එම දෙපාර්තමේන්තුවට හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් මෙම මුදල ලැබිය යුතුව ඇත.
මේ මුදලෙන් රුපියල් කෝටි විසි දහස් එකසියයක් (බිලියන 201) කිසිඳු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් කෝටි පනස් දහස් දෙසීයක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටවා ඇති මුදල් වශයෙන් හදුනාගෙන ඇති බවත් කෝපා කමිටුව පවසයි.
මේ අතර රුපියල් කෝටි 1000 ක් වැයකර සකස් කළ රමිස් (RAMIS) පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නැතැයිද මෙහිදී තොරතුරු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd