(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 66 ක් වූ උද්ධමනය නොවැම්බර් මස සියයට 61 දක්වා පහත වැටී ඇත. නොවැම්බර් මස සියයට 61 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 24.8 ක දායකත්වයක් ලබා දී ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 36.2 ක දායකත්වයක් ලබා දී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 85.6 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 73.7 ක් දක්වා පහත වැටී තිබේ.එය ඔක්තෝබර් මසට සාපේක්ෂව සියයට 11.9 ක සැලකිය යුතු පහළ යාමකි. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද සියයට 1.8 කින් පහත වැටී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 56.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොමවැම්බර් මස සියයට 54.5 ක් දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උද්ධමනය එළඹෙන වසරේ තවත් පහත යනු ඇතැයි බලපොරොත්තු වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරියේ විදුලි බිල් වැඩිවුනාම අඩුවුනු පහත් තවත් පනහකුත් ලෙසට පනස් පහකින් ඉහලට යාවි ජූනි සිට 75 කින් උද්දමනය වැඩිවේවි