IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 66 ක් වූ උද්ධමනය නොවැම්බර් මස සියයට 61 දක්වා පහත වැටී ඇත. නොවැම්බර් මස සියයට 61 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 24.8 ක දායකත්වයක් ලබා දී ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 36.2 ක දායකත්වයක් ලබා දී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 85.6 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 73.7 ක් දක්වා පහත වැටී තිබේ.එය ඔක්තෝබර් මසට සාපේක්ෂව සියයට 11.9 ක සැලකිය යුතු පහළ යාමකි. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද සියයට 1.8 කින් පහත වැටී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 56.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොමවැම්බර් මස සියයට 54.5 ක් දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උද්ධමනය එළඹෙන වසරේ තවත් පහත යනු ඇතැයි බලපොරොත්තු වන බවයි.

 



අදහස් (1)

නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් පහළට

සුරංග Thursday, 01 December 2022 11:59 AM

ජනවාරියේ විදුලි බිල් වැඩිවුනාම අඩුවුනු පහත් තවත් පනහකුත් ලෙසට පනස් පහකින් ඉහලට යාවි ජූනි සිට 75 කින් උද්දමනය වැඩිවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site