(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගැනීම  හා සම්බන්ධ පරිගණක මෘදුකාංගයක් කිසියම් තදබද තත්වයක් හේතුවෙන් හදිසියේ  අක්‍රීයවී ඇති හෙයින් ජනතාවට  බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා  දඩ මුදල්  අයකිරීමකින්  තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මේ සම්බන්ධයෙන් මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජේ සී අලවතුවල මහතා:

ඉතා වැදගත් කාරණාවක් මම මේ කියන්නේ. ආදායම් බදු  ඇතුළත්  කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා. මේක හිතා මතා කරපු දෙයක්ද දෙයක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා එහි වැඩකටයුතු නැවතිලා තියෙනවා.  මේකේ ඇත්ත තත්වය දැනගන්න කැමතියි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:

මෙතුමා මතුකරපු කාරණය  ඇත්ත. ඊයේ දිනය වනවිට සියලු දෙනා ආදායම් බදු වාර්තා ලබාදීම කළ යුතුව  තිබුණා.  මේ නිසා එම මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා.  අද දිනයේ දී පුද්ගලික ආදායම් බද්ද ,සමාගම්  බද්ද හවුල් ව්‍යාපාර බද්ධ බද්ද  ආදී බදු රිටර්න්ස්  ෆයිල් කළ යුතුව තිබුණා .මේක කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි. මේ තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. ඊට විසඳුමක් හැටියට බදු ලිපිගොනු ඉදිරිපත් කිරීමට  අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ වගේම එම තොරතුරු බාරදීම   නොවැම්බර් මස 20 වැනිදා ලෙස සලකන ලෙසත්  දැනුම් දීලා තියෙනවා. මේ  කාලය තුළ කිසිම දඩයකට යටත් කරන්නේ නැහැ.