(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
බිත්තර මිල සඳහා වත්මන් වෙළඳපොළ පාලන මිල පිළිබඳව යළි සළකා බැලීමට තීරණය කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.
පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙසේ දැනුම් දුන්නේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම ප්‍රසන්ත ද සිල්වා සහ කේ.කේ.ඒ.බී ස්වර්ණාධිපති මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් බිත්තර පිළිබඳව නවතම තොරතුරු ලබාගෙන දැනට ඇති පාලන මිල පිළිබඳව නැවත කරුණු සළකා බැලීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණයක් ගෙන ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd