(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
බිත්තර මිල සඳහා වත්මන් වෙළඳපොළ පාලන මිල පිළිබඳව යළි සළකා බැලීමට තීරණය කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.
පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙසේ දැනුම් දුන්නේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම ප්‍රසන්ත ද සිල්වා සහ කේ.කේ.ඒ.බී ස්වර්ණාධිපති මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් බිත්තර පිළිබඳව නවතම තොරතුරු ලබාගෙන දැනට ඇති පාලන මිල පිළිබඳව නැවත කරුණු සළකා බැලීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණයක් ගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිත්තර පාලන මිල යළි සලකා බලනවා