IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලිට්රෝ නඩුවට ජනාධිපති නම ඇඳුවාට නීතිපතිගේ විරෝධය

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ලිට්රෝ ගෑස් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමෙහි වග උත්තරකරුවෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එරෙහිව නීතිපතිවරයා  අභියාචනාධිකරණය හමුවේ අද සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වා දෙන යා නොහැකි බවයි.

මෙම පෙත්සම ජනවාරි 24 වෙනිදා සළකා බැලීමට කල් තැබින. විනිවිද පෙරමුණේ මහා ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නීතිපති,ලිට්රෝ ගෑස් සමූහයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ලිට්රෝ ගෑස් ටෙන්ඩරය අඩුම ලංසුවට නොදීම හේතුවෙන් නීතියට පටහැනි ක්‍රියාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් මෙම ටෙන්ඩරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (3)

ලිට්රෝ නඩුවට ජනාධිපති නම ඇඳුවාට නීතිපතිගේ විරෝධය

C.K.Lankaputhra Wednesday, 30 November 2022 08:05 PM

අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක කියල දෙන්න. "ජනාධිපති වරයාට කාට හරි වෙඩි තිබ්බොත් හරි එතුමා ස්තිරියාවක් දූෂනය කලොත් ජනාධිපති වරයාට එරෙහිව නීතිය ක්රියාත්මක වෙන්නේ නැද්ද?" මම මේ නොදන්නාකමටයි අහන්නෙ.

:       1       4

saman Thursday, 01 December 2022 08:49 AM

මාද්‍ය මගින් මෙ වගෙ කාරන වලට දෙන ප්‍රසිද්ධිය හොදටම මදි. මෙ දේසපාලුවො කරන අමන වැඩ ගැන ජනතාව දැනුව්ත් කරන්න ඔන නිතරම.

:       1       3

de silva Thursday, 01 December 2022 10:14 AM

ජනදිපති තුවක්කුවක් අරන් වෙඩි තියල විපක්ශ දේශපාලකයො සියලුදෙනාම මරල දැම්මොත් මොකද වෙන්නෙ , මෙ බහුභූත නිතිය විය්‍යවස්තාවෙන් ඉවත් කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site