(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති දිනයේදී ජනාධිපති ලේකම්කාර්යට අයුතු ලෙස ඇතුලුවීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ 19 වන සැකකරු වශයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ යන අය නම්කරනු ලබන බව ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එම සැකකරුවන් සම්බන්ධයෙන් අතුල් පතුල් සටහන් ලබාගැනීම සදහා අද (30) දිනයේදීම මෝදර පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත යන ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියම කළේය.
නඩුවට අදාළව වීඩියෝ දර්ශන කිහිපයක් ඔස්සේ සහ සී සී ටී වී දර්ශන කිහිපයක් ඔස්සේ කරන ලද විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන්ගේ අතුල් පතුල් සටහන් ලබාගැනීමට අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් කල් තැබීණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත මුදලිගේට ඇප දෙන්න එපා කියලා කිව්වේ රනිල්ද.?