(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති දිනයේදී ජනාධිපති ලේකම්කාර්යට අයුතු ලෙස ඇතුලුවීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ 19 වන සැකකරු වශයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ යන අය නම්කරනු ලබන බව ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එම සැකකරුවන් සම්බන්ධයෙන් අතුල් පතුල් සටහන් ලබාගැනීම සදහා අද (30) දිනයේදීම මෝදර පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත යන ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියම කළේය.
නඩුවට අදාළව වීඩියෝ දර්ශන කිහිපයක් ඔස්සේ සහ සී සී ටී වී දර්ශන කිහිපයක් ඔස්සේ කරන ලද විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන්ගේ අතුල් පතුල් සටහන් ලබාගැනීමට අවශ්‍ය බවට පොලීසිය කළ ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන පෙබරවාරි මස 03 වැනිදා තෙක් කල් තැබීණී.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අරගලයේ වසන්තට ලක්ෂ 05ක ශරීර ඇපයක්
sharm warn Thursday, 01 December 2022 02:03 PM
වසන්ත මුදලිගේට ඇප දෙන්න එපා කියලා කිව්වේ රනිල්ද.?