
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඉරාක ජාතිකයකු වන අල් කුරේෂි මියගිය බව නිවේදනය කරනු ලැබුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු ඕමාර් අල් මුහජීර් විසිනි.
නායක අල් කුරේෂිගේ මරණය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් අබු ඕමාර් අල් මුහජීර් පවසා නැත.
අයි.එස්. නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි, මියගිය බව ඇමෙරිකන් ආරක්ෂක අංශ ද පවසා ඇත. ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා ඇති ආකාරයට අල් කුරේෂි මියගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
ඇමෙරිකන් ආරක්ෂක අංශ අනුව අයි.එස්. නායකයා මියගොස් ඇත්තේ ‘නිදහස් සිරියානු හමුදාව’ සිරියාවේ ඩාර්ආ පළාතේ කළ වැටලීමකදී සිදුවුණු වෙඩි හුවමාරුවකදීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd