
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා, ලබන 8 වැනිදා තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණෙනු ඇත.
මෙම නිල සංචාරයේදී රාජ්නාත් සිං මහතා මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවී ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය හරහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින සාගරික හා ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ඊට අමතරව, කොළඹ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට ද ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සැලසුම් කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ දූත පිරිසක් ද ආරක්ෂක අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතය.
රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 10 වැනිදා තෙක් මෙරට රැදී සිටිනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd