මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීම නිසා ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක සහ රංගන ශිල්පිනියකු ද වන 39 හැවිරිදි සාරා කලීෆා ඇතුළු 12 දෙනකු සඳහා මරණ දඬුවම නියම කර ඇත.

‘අල්-අහ්රම්’ පුවත්පත වාර්තා කර ඇත්තේ, මොවුන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා ද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බවය.

මීට අමතරව නීති විරෝධී ගිනිඅවි සහ පතොරම් ළඟ තබා ගැනීමේ චෝදනා ද මොවුන්ට එල්ල වී ඇත.