(යොහාන් භාසුර)
කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න ආවොත් හැප්පීමට සූදානම් බවත් වර්තමානයේ හැප්පීමට එන පුද්ගලයන්ට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සියලු දෙනා එකතු වී හොඳ වැඩපිළිවෙළක් නිර්මාණ කරගමු යැයි පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා සෙසු දේශපාලන පක්‍ෂවලට සහ දේශපාලන පක්‍ෂවල සිට කැඩී බිදී වෙන්වෙලා පාර්ලිමේන්තුවේ සිටින විවිධ කොටස්වල සෑම සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සිය පිලෙන් ගිය අය නොයෙක් දේවල් කළ ද ඔවුන්ට වඩා ප්‍රබල මිනිස්සුත් හැප්පී ඇති බව ද කීය.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානය විධායක සභා රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූවා
Jayalath Thursday, 01 December 2022 06:12 AM
මම නම් දේශපාලනයෙහි දැකපු අසිකඛිත ම මිනිසා
Saththaya Thursday, 01 December 2022 08:21 AM
සියලු දෙනාම එක්වෙලා තමයි 2015 දී බලය ලබා දුන්නේ, දුෂණයට එරෙහිව රට බේරගන්න . නමුත් ඒ හැමදේම පවා දුන්නා. පාවලා දුන්න නිසා තමයි අද මේ රට බංකොලොත් . ආයේ කවුරුත් ඔබව විශ්වාස කරයි කියල හිතලද මේ කතා ගොතන්නේ .
කිරිපුතා Thursday, 01 December 2022 10:32 AM
මෙයාලට තියෙන්නේ තනිකරම පෞද්ගලික ප්‍රශ්න . රටක් ගොඩ නගන්න සැළසුමක් ආකල්පයක් නෑ. හැම කෙනෙක්ම එහෙමයි
de silva Thursday, 01 December 2022 11:23 AM
2015 දි ජනාධිපතිවෙලා ඒක හරියට කරගන්න බැරුව රටම අවුල් කරලා දැන් විකාර කියවනවා.
kamal Thursday, 01 December 2022 12:58 PM
අවසාන චිත්‍රපටිය " ක-කුස්සියට චන්ඩියා"
podiaarachchi Thursday, 01 December 2022 02:20 PM
මෙයාගේ පුරසාරම් බේරේටත් වැඩිය ගඳයි.
චන්දන Thursday, 01 December 2022 03:36 PM
ඔයා ගෙදර යවන්නේ පොඩි මිනිස්සු . ලංකාවෙ වැඩිම මන්දපෝෂණය සහිත දරුවන් ඉන්නෙ පොලොන්නරුවේ . ලොකුම හාල් මුදලාලි තමන්ගේ එකෙක් . ලැජ්ජා නැතිව ද.