(යොහාන් භාසුර)
කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න ආවොත් හැප්පීමට සූදානම් බවත් වර්තමානයේ හැප්පීමට එන පුද්ගලයන්ට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සියලු දෙනා එකතු වී හොඳ වැඩපිළිවෙළක් නිර්මාණ කරගමු යැයි පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා සෙසු දේශපාලන පක්‍ෂවලට සහ දේශපාලන පක්‍ෂවල සිට කැඩී බිදී වෙන්වෙලා පාර්ලිමේන්තුවේ සිටින විවිධ කොටස්වල සෑම සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සිය පිලෙන් ගිය අය නොයෙක් දේවල් කළ ද ඔවුන්ට වඩා ප්‍රබල මිනිස්සුත් හැප්පී ඇති බව ද කීය.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානය විධායක සභා රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දේශපාලනයෙහි දැකපු අසිකඛිත ම මිනිසා
සියලු දෙනාම එක්වෙලා තමයි 2015 දී බලය ලබා දුන්නේ, දුෂණයට එරෙහිව රට බේරගන්න . නමුත් ඒ හැමදේම පවා දුන්නා. පාවලා දුන්න නිසා තමයි අද මේ රට බංකොලොත් . ආයේ කවුරුත් ඔබව විශ්වාස කරයි කියල හිතලද මේ කතා ගොතන්නේ .
මෙයාලට තියෙන්නේ තනිකරම පෞද්ගලික ප්‍රශ්න . රටක් ගොඩ නගන්න සැළසුමක් ආකල්පයක් නෑ. හැම කෙනෙක්ම එහෙමයි
2015 දි ජනාධිපතිවෙලා ඒක හරියට කරගන්න බැරුව රටම අවුල් කරලා දැන් විකාර කියවනවා.
අවසාන චිත්‍රපටිය " ක-කුස්සියට චන්ඩියා"
මෙයාගේ පුරසාරම් බේරේටත් වැඩිය ගඳයි.
ඔයා ගෙදර යවන්නේ පොඩි මිනිස්සු . ලංකාවෙ වැඩිම මන්දපෝෂණය සහිත දරුවන් ඉන්නෙ පොලොන්නරුවේ . ලොකුම හාල් මුදලාලි තමන්ගේ එකෙක් . ලැජ්ජා නැතිව ද.