
(ඩී.ජී.සුගතපාල)
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එම ත්‍රිරෝද රිය ගැටී ඇත. ත්‍රිරෝද රථ රියැදුරා ද මියගිය පිරිස අතර සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙලුම් කුලුනු හදපු කාලකන්නින්ට එ සල්ලි වලින් රේල් ගෙට්ටු දාන්න තිබුනනෙ. මෙ වගෙ අපතයන්ට චන්‌දෙ දෙන්න එපා ආයෙත්.
හෙරොයින් ,ගංජා එහෙම මේ අනතුරට සම්බන්ධ නැද්ද?
කුලී රථ රියැදුරාගේ නොදැනුවත්කම සහ අන්ත මෝඩකම මෙම බිහිසුණු ඛේදවාචකයට හේතු වූ බව පෙනේ. ඉහත පළ කර ඇති ඡායාරූප බලන්න. පෙනෙන ආකාරයට කිසිවක් නොමැති සෘජු දුම්රිය මාර්ගය එසේ නම් රියදුරු දුම්රිය නොසලකා හරින්නේ ඇයි? මගියා විදේශිකයෙකු (කාන්තාවක්) වූ විට, කුලී රථ රියදුරන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට නැඹුරු වෙති. එවැනි මෝඩ සිදුවීම් බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. ඒ නිසා පරිස්සමෙන් රිය පදවන්න.
අරගලය නිසා සන්චාරකයෝ එන්නේ නැහැ කිව්වා.ලන්කාවේ කොහෙහරි තැනක හැමදාම අනතුරු සිද්ද වෙනවා. මේවා දැක්කම ලන්කාවට එන්ඩ හිතෙයිද.
ලොකු කුඩා සියළුම හරස් මාර්ගවල ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු ඇතිකල යුතුයි. ඒකවත් කරන්න බැරි මේ පාලකයින්ගෙන් ජනතාවට ඇති යහපතක් නැත. මේ සදහා පාලකයින් හොරකම්කර ඇති මුදල් මෙන්ම ගජමිතුරු ව්‍යාපාරිකයින් වංචාකරඇති බදු මුදල් යොදාගත හැකිය.
මෙතන හොඳට පාර පේන ස්ථානයක්. අනිවාර්යයෙන්ම මේක රියදුරාගෙ නොසැලකිල්ල.