ඉන්දිකා රාමනායක

දිවයින පුරා ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකරුවකු බම්බලපිටිය ඩික්මන් පාරේ දී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමග එක්ව ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතන ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවත්එම සියලු ආයවලට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 100 ට අධික ප්‍රමාණයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ හා පොලිසිවලට ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු මහනුවර ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් වංචා කිරීම සම්බන්ධයෙන් මහනුවර අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතරෙ එම වරෙන්තුව නොතකා සැකකරු ඩික්මන් පාර‍ෙ තවත් විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් සිටියදී ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත