IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අංගුලිමාලයි දේවදත්තයි පැත්තකින් තියලා ජනතාවට කන්න දෙන්න

 

(අංජුල මහික වීරරත්න)

මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාල ලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ආණ්ඩුව දේවදත්තයකු වී ජනතාවගේ කුස මතට ගල් පෙරලමින් සිටින බව කී මුජුබුර් රහුමාන් මහතා බදු පිට බදු පනවමින් අංගුලිමාල සේ මිනිසුන්ගේ ඇඟිලි කපා ගනිමින් සිටින බව කීය.

ජනතාව අංගුලිමාල කතා පස්සේ දුවමින් සිටින විට ආණ්ඩුව නමැති දේවදත්තයා ජනතාවගේ හිස මතට තව මොන ගලක් පෙරලන්නට කැස කවමින් සිටින්නේ දැයි නොදන්නා බව ද  මුජිබුර් රහුමාන් මහතා  පැවසීය.

සමගි ජන බලවේගයේ මැද කොළඹ  කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මුජුබුර් රහුමාන් මහතා මේ බව කීය.



අදහස් (13)

අංගුලිමාලයි දේවදත්තයි පැත්තකින් තියලා ජනතාවට කන්න දෙන්න

Dishan Wednesday, 30 November 2022 03:41 PM

අංගුලිමාල කියන්නේ කලින් වැරැදි කරකර ඉඳලා පස්සේ බුදුරජාණන් වහන්සේ නිසා කූඹියෙකුටවත් හානියක් නොකල රහතන් වහන්සේ නමක්. කරුණාකරලා මෝඩ කතා කියලා ආගම් අතර ප්‍රශ්ණ ඇති කරන්නේ නැතුව ඔයාලගේ දේශපාලනේ කරන් පැත්තකට වෙලා ඉන්නවාද?

:       3       23

fairoosWednesday, 30 November 2022 04:05 PM

පාර්ලිමේන්තුවේ මේ දවස්වල රනිල්ගේ කතාව පටන් ගන්නෙම ගාථාවක් කියලා... ඒක අවුලක් නැහැ... මුජීබ් මන්ත්‍රීතුමා ඒවා විස්තර කරන කොට රිදෙනවා නේද? ඔය ජාතිවාදය තමයි අද මේ තත්වයට වැටෙන්නේ...

:       16       6

JayanWednesday, 30 November 2022 06:09 PM

අපි නම් ඉතින් මෙහෙම කමෙන්ට් එකක් දාලා නිකන් ඉන්නවා. ඔයාලගේ දෙවියන්ට මොකක් හරි කිව්වා නම් කොහොමද තත්වේ? තමන් ගැන උපමා කරලා හිතන්න...!

:       0       9

BamunuarachchiWednesday, 30 November 2022 08:27 PM

අපිට මුජිබර් ගේ කතාවට නොවෙයි මුජිබර් දකිනකොට කකුලේ ඉන්න යක්ෂයා ඔලුවට එනවා.

:       0       9

BamunuarachchiWednesday, 30 November 2022 08:29 PM

ඒ ගොල්ලන්ගේ දෙවියෝ වුණාට අපේ දෙයියෝ නොවෙයි. ඒ ගැන හිතන්න එපා කියන්න ඕන දේ කියනවා...

:       0       8

Senaka Wednesday, 30 November 2022 03:45 PM

අන්නේකයි. අපි නම් කෙලින්ම බෙල්ලම කපනවා. නැත්තන් බෝම්බ ගහනවනේ? නිකන් ගොන් කතා නොකිය ඉන්න...

:       1       12

sharm warn Wednesday, 30 November 2022 03:48 PM

මේකට තමා කියන්නේ කෙහෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කියලා. මෙලා් රහක් නැති වැදි බණ කිය කියා හිටපු කෙනා නාගත්ත හැටි.

:       5       6

Malkam Wednesday, 30 November 2022 04:46 PM

අංගුලිමාල සහ දේවදත්ත ගැන කතාකරන එක නවත්තලා අපි දැන් කතාකරමු අපි වෙන දෙයක් ගැන කතා කරමු. රස කතා තියෙනවනේ...

:       0       4

"රට කාබාසිනිය කරන 225" Wednesday, 30 November 2022 04:48 PM

පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා වාර්‍ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 12 කි.. පානීය ජලය සඳහා වාර්‍ෂිකව වැය කෙරෙන මුදල ලක්‍ෂ 90 කි.. විදුලිය වෙනුවෙන් වාර්‍ෂිකව රුපියල් කෝටි 8 කි... දුරකතන සඳහා රුපියල් කෝටි 1.4 කි.. මුලු වියදම වාර්‍ෂිකව රු කෝටි 23 වැය කරන බව ඔබලා දන්නවද? ඒ කියන්නේ දිනකට වියදම රු ලක්‍ෂ 7 කට ආසන්නය..! ඔය පාර්ලිමේන්තුව 'සූම්' තාක්‍ෂණයෙන් පාලනය කලොත් කුසගින්න නිවන්න රු 5000 ආහාර මලු 120 ක් දිනකට අසරණ ගමකට බෙදා දියහැක.

:       1       7

Bamunuarachchi Wednesday, 30 November 2022 08:18 PM

යහපාලනය කාලේ රටම කෑවේ ඔහෙලා... අංගුලිමාලයි, දේවදත්තයි පැත්තකින් තියලා මදි පිනට කන හම්බ හැත්තත් පැත්තකින් තියන්න ඕනේ...

:       1       8

udaya Wednesday, 30 November 2022 11:12 PM

මුජිබර්, ඇයි ඔබ ඔබේ ආගමෙන් උදාහරණ නොගන්නේ? ඔයා බය වෙලාද? සල්මන් රුෂ්ඩිට වෙච්ච දේ අපි දැක්කා. බුද්ධාගම ගැන ඕනම දෙයක් කියන්න පුළුවන්, කවුරුවත් ඔයාව මරන්න යන්නේ නැහැ.

:       0       0

Saththaya Thursday, 01 December 2022 08:31 AM

ජනතාවට කන්න දෙන එක පැත්තකට තියල , බලය ලබා ගන්න දඟලන්නේ කවුද ? ජනතාව ගැන හිතලද ? පරණ ක්‍රමයටම දඟලලා ආණ්ඩු පෙරලන්න . ආයේ සන්නිවේදන මාර්ගස්ථ ක්‍රමයට රටේ සම්පත් විකුණගන්න .

:       0       1

Peduru Thursday, 01 December 2022 10:59 AM

අනේ මුජිබර් ජනතාව ගැන ඔතරම් කැක්කුම නම් ජාතික රජයක් බිහි කර පඩි , වරදාන නොගෙන වැඩ පෙන්නන්න තිබු නානේ. හිතාගන්න ඉන්නේ බලය ගන්නද? ජන්දෙදී බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site