
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ජනතාව කෑම බීම නොමැතිව දැඩි ආර්ථික පීඩනයක සිටින මොහොතක විදුලි බිල නැවතත් වැඩි කිරීමට යෑම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (1) රජයෙන් ඉල්ලීමක් කළේය.
"කොහොමද ගරු කතානායකතුමනි, මිනිස්සු ජීවත් වෙන්නේ. මේ ආණ්ඩුවට පොඩි හෝ මනුස්සකමක් තියෙනවා නම් මේ වගේ වැඩේ කරන්නේ නැහැ" යැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඔලුවක් තියනවනම් හැමදා කියවන්නෙ නැහැ. අපේ සල්ලි නිකං අපරාදෙ
සජිත් පුතානෝ.. ඔයත් සුද්ධගෙ රටේ අවුරුදු කිහිපයක් ඉඳලා ආර්ථික විද්‍යාවෙන් උපාධියක් කරලා ලොව ආර්ථික උද්දමනය අඩු වැඩි වෙන හැටි ගැන ඔබට මනා අවබෝධයක් ඇතිනෙ...! මේ දිනවල ධනපති ඒ සුද්දගෙ රටේත් විදුලි බිල 60% කින් වැඩිවෙලා තියෙන බව ඔබ නොදනීද..? ඒ කියන්නේ කිලෝ-වොට් එකක් රු 225 ක්..!