(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවත් දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1 වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි... හැබැයි ඔය සංචාරක කලාප අවට ඉන්න විදේශිකයන්ගෙන් බීච් එකේ ඉන්නවට කප්පම් ගන්න එකත්... 'මත් ටොපි' විකුණන එකත්... අඩු වයසෙ ලමයි ඇඟ විකුණන එකත් සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා නිදහස් කරලා දැම්මොත් සුද්දගෙ රටේ ඉඳලා එන සංචාරකයො ආයිනම් ලංකාවට යන්නේ නෑ කියන ප්‍රචාර නවතියි..!
අන්න දැක්ක නේද? දින කිහිපයකට ලංකාවට එන සුද්දන්ටයි, ජීවිතකාලය පුරාවටම බදු ගෙවමින් සිටින ජනතාවටයි ලංකාවේ පාලකයින් සලකන විදිහ... සුද්ද ළඟ තියන ඩොලර් සොච්චමට වඩා, සුද්දගේ සුදු හමට දෙකට නැමෙන, තුප්පහි නින්දිත ජාතිය. මේ රට පාලනය සුද්දෙක් අතට දීපල්ලා එදාට මේ රටේ ජනතාවට සුද්දන්ට වඩා ගෞරාන්විතව ජීවත් වීමට ලැබේවි..මේ වගේ පඩත්තර ජාතියක් තවත් ලෝකේ ඉන්නවද? කතාවනම්, ලෝකෙන්ම ප්‍රෞඩ ජාතියාලු.. නොදකින් පම්පෝරිය විතරයි...ඇයි? ලංකාවේ මෝඩ, නිවට, වහල්, යටත් වැසියන්ට ලයිට් ඕනා නැද්ද??
සමහර සුද්දො එන්නේ ඕවා හොයාගෙන තමයී. 2500 පෞඩ ඉතිහාසය බලන්න නෙවෙයි. යථාර්තය වටහාගෙන කටයුතු කරමු.
වෙරලෙ රැදී සිටිමින් සංචාරකයන් පසු පස යමින් කරදර කරන පිරිස් නිසා සංචාරකයො විශල ලෙස කරදරයට පත්වන බව පෙනි යනව.