
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .
කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය කීය.
සැකකාර නීතිඥ වරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවත්, පිස්තෝලය සදහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසය සදහන් කරයි.
වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකුට ණය මුදලක් ලබාදී ඇති අතර , එය නැවත නොගෙවීම නිසා ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ ඇත.
එහිදී දෙපිරිස අතර කතාබහක් ඇතිව ඇති බවත්, ප්‍රතිවාදී පිරිස නීතිඥ වරයාට පහරදීම සූදානම් වීමේදී ඔහු සගවාගෙන සිටී 9 එම් එම් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩිතබා ඇති බවටත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
නීතිඥ වරයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයටද හානි සිදුව තිබූනි .
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර, වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ වැටී තිබූ මිලිමීටර් 9 වර්ගයේ පතුරම් හිස් කොපුවක් සොයාගත් බවද පොලිසිය කීය.
සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තෝලය සදහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසය සදහන් කරයි.අහසට වෙඩි තියන්නත් අවසර ගන්න ඕනද.
මෙකනෙ.. පොලිසිය අහසට වෙඩි තිබ්බම එව්ව පහලට එද්දි හරහට ගිහින් දුවන මිනිස්සුන්ගෙ පිටෙන් ඇතුලු වෙල බඩවැල් කඩගෙන එලියට එනවනෙ.. ඉතින් පොලිසිය බය වෙන්න ඇති මෙ වෙඩිල්ලත් එහෙම වෙයිදො කියලා.. පව් පොලිසිය.. නිතිමහත්තය අවුලක් නැතුව ගෙදර යයි.