
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .
කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය කීය.
සැකකාර නීතිඥ වරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවත්, පිස්තෝලය සදහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසය සදහන් කරයි.
වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකුට ණය මුදලක් ලබාදී ඇති අතර , එය නැවත නොගෙවීම නිසා ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ ඇත.
එහිදී දෙපිරිස අතර කතාබහක් ඇතිව ඇති බවත්, ප්‍රතිවාදී පිරිස නීතිඥ වරයාට පහරදීම සූදානම් වීමේදී ඔහු සගවාගෙන සිටී 9 එම් එම් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩිතබා ඇති බවටත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
නීතිඥ වරයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයටද හානි සිදුව තිබූනි .
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර, වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ වැටී තිබූ මිලිමීටර් 9 වර්ගයේ පතුරම් හිස් කොපුවක් සොයාගත් බවද පොලිසිය කීය.
සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පානදුරේ කලබලයක් අතර අහසට වෙඩි තබලා
PRIYANTHA Thursday, 01 December 2022 12:38 PM
පිස්තෝලය සදහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසය සදහන් කරයි.අහසට වෙඩි තියන්නත් අවසර ගන්න ඕනද.
sharm warn Thursday, 01 December 2022 02:01 PM
මෙකනෙ.. පොලිසිය අහසට වෙඩි තිබ්බම එව්ව පහලට එද්දි හරහට ගිහින් දුවන මිනිස්සුන්ගෙ පිටෙන් ඇතුලු වෙල බඩවැල් කඩගෙන එලියට එනවනෙ.. ඉතින් පොලිසිය බය වෙන්න ඇති මෙ වෙඩිල්ලත් එහෙම වෙයිදො කියලා.. පව් පොලිසිය.. නිතිමහත්තය අවුලක් නැතුව ගෙදර යයි.