(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා"යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය.
මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා මෙයා හිතාන ඉන්නෙ රටේ තාම ජනාධිපති ගෝඨාභය කිය ද? දැන් ඒ සෙල්ලම් බෑ මහත්තයෝ. කට පරිස්සම් කරගන්න.
වටලන්න, කඩන්න, බිඳින්න තමයි සූදානම... වැටුණු තැනකින් ගොඩගන්න සූදානමක් නැහැ.
ලොක්කව නම් අරගෙන යන්න එපා , කදුළු ගෑස් එකක් ගහන්න ලැහැස්තිවෙද්දීම දුවයි කම්පාදුවට.
මෙයාලගේ හිතේ වටලපුවහම ඔක්කොම හරි කියලා. එදා හිටපු කෙනාව වටලලා පැන්නුවේ මේ රටේ සාමාන්‍ය ජනතාව, ඒ දවස්වල තිබුණු භාණ්ඩ හිඟය පෝලිම්, බඩු මිල (අදත්) වගේ දේවල් නිසා.... අරගලය, වැටලීම, මේවාට දැන් කීදෙනෙක් නම් උප්පැන්න දෙන්න හදනවාද?