(අංජුල මහික වීරරත්න)

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාලව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.

රටෙි පැවැති අරගලකාරී තත්ත්වය හා ආර්ථික අර්බුදය නිසා ඉකුත්  මාර්තු මාසයෙන් පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම පහත වැටී තිබූ බව ද සභාපතිවරයා කීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවක වැටුප් හා අනෙකුත් වියදම් සඳහා රුපියල් මිලියන 150කට ආසන්න මුදලක් වැය වන බවද   දැනට ලැබෙන ආදායම අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මහා භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වා ගෙන යෑමට හැකියාව පවතින බවද සභාපතිවරයා සඳහන් කරයි.